(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(16) ගනු ලබයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවිමට යෝජිතය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට(16) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නායකත්ව මණ්ඩලය පිහිටුවිම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතර අනුමැතිය විමසීමට නියමිතව පවතී.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන කණ්ඩායම් රැුස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ සියලූම මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පියවර ගත්තේය.
ජනාධිපතිවරණයට පසුව නොයෙක් මුහුනුවරින් කරලියට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්්ඩායම් රැස්වීමත් සමගම විසදෙනු ඇතැයි හිටපු සභානායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විතව පිහිටුවන නායකත්ව මණ්ඩලය මගින් ජනාධිපතිවරණයේ නොලැබුන සිංහල බෞද්ධ, මධ්‍යම පන්තිය, ව්‍යාපාරික සහ ග‍්‍රාමීය ඡුන්ද යළි පක්ෂයට දිනා ගැනීමේ ක‍්‍රමවේදය ඉදිරි සතිය ඇතුලත නායකත්ව මණ්ඩලය විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් වැඩක් නැහැ. රනිල් ඉවත්විය යුතුමයි. මේ මනුස්සයා දවස ගානේ ජනතා අප්‍රසාදයට පත්වෙනවා. රනිල් හිටියොත් ජනාධිපතිවරණයේදී ගත්ත ඡන්ද ටිකක් නැතිවෙනවා සිකුරුයි. ආණ්ඩුවට එරෙහිව සටනක් දියහැක්කේ සජිත්ට විතරයි. කරු වයසයි.
මේ රනිල්ව අයින්කරන්න නැතුව මොන නායකත්ව මණ්ඩලයක් පිහිටුවලත් වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණය පැත්තට තියලා, වත්මන් නායකයාව අයින්කරන්න කටයුතු කරන්න. ඒ කටයුත්ත සාර්ථක කළා නම්..., ලොකු ජයග්‍රහණය එ්කතමයි කළයුත්තෙත්...
මේ ඔක්කොම අදහස් දක්වන්නේ එකම කට්ටිය. රනිල් භීතිකාවෙන් පෙලෙන්නෝය.
රනිල් කියන්නේ භීතිකාවක් නෙමෙයි. අවුරුදු 25ක් ඉඳලත් පක්ෂයක් ජයග්‍රාහී මාවතකට ගන්න බැරි නායකයෙකුගෙන් ඇති වැඩේ මොකක්ද? නිෂ්පාදනය කොතරම් හොඳ වුවත් ජනතාවගේ ඉල්ලීමක් නැතිනම් ඇති ඵලය මොකක්ද?
පේනවා නේද නායකත්වය අතහරින්න තිබෙන අකමැත්ත... පුළුවන් කෙනෙකුට නායකත්වය බාරදී නායකත්වයෙන් ඉවත්වීමෙන් ආදර්ශමත් වන්න. නායකත්ව මණ්ඩලය කියන්නේ කැඳ හැලියක්.