(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීන්ගේ සියලු තොරතුරු රැස්කිරීම ලබන සතියේ සිට ඇරඹේ.
ගම් මට්ටමින් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස් කිරීම සිදු වන්නේ ප්‍රාදේශීය සභා ,නගර සභා සහ මහ නගර සභා, පළාත් පාලන ආයතන මෙන්ම මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් ,ආසන සංවිධායකවරුන් සහ තරුණ නියෝජිතයන් හරහාය.
ගම් මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් ගේ තොරතුරු රැස් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයට බඳවා ගැනීම ලබන මස සිට අරඹන ලෙස පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
ඊට අමතරව ලංකාවේ ප්‍රථම ඔන්ලයින් තාක්ෂණයට පිවිසි ප්‍රථම පක්ෂය ලෙස බිම් මට්ටම දක්වාම සංවිධාන ජාලය ව්‍යාප්ත කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කට්ටිය එජාපයට ගම්වල ඉන්නවද ?
කුඹුරු හාන්න යොදා ගන්න මී හරක්වත් එන්නේ නැහැ ඔයා දැක්කාම
සමහරක් ආසන සංවිධායකයෝ දන්නේ දෙපැත්තම මුදල් බලයෙන් අල්ලාගෙන ඉන්නවුන් විතරයි. මම දන්නා එක් සංවිධායකයෙක් අහනවා අහවල් මල්ලී මගේ පාක්ෂිකයෙක් එයා දන්නවද කියල. නමුත් ගමේ සිටින අපි දන්නවා ඒ කියපු කෙනා කිසිදාකවත් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි නොකල බව ඒ පුද්ගලයා කරන්නේ මැතිවරණ අවස්ථාවල දෙපැත්තේම අපේක්ෂකයින්ට මුදල්දීම පමණයි. නමුත් හය හතර දන්නා කාලයේ සිටම පාක්ෂිකයින් වන අපි ගැන කවුරුවත් දන්නේ නැහැ. ඇත්තටම එ.ජා.පක්ෂය 1989 න් පසුව සාමාජිකයින් ගැන කිසිම සැලකිල්ලක් නැති නිසා අපටත් පක්ෂය එපාමවෙලා තියෙන්නෙ මතකනේ යහපාලන කාලයේවත් අපිට සිදුවුන අසාධාරණ වෙනුවෙන් සහනයක් දෙන්න බැරිවුනා කියලා. දැන් ඉතින් පක්ෂය තිබුනත් එකයි නැතත් එකයි.