(යොහාන් භාසුර)

ඉදිරි සතිය වන විට එළවළු තොග නොලැබීමෙන් දැඩි එළවළු හිඟයක් ඇති විය හැකි බවත් ඒ හේතුවෙන් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් පෑලියගොඩ තොග වෙළෙඳ පොළේ වෙළෙන්දෝ පවසති.

එළවළු වෙළෙඳපොළට සැපයීමට තමන් සතුව නෙලීමට අස්වැන්නක් නොමැති බවත් ඒ හේතුවෙන් එළවළු සැපයීමට නොහැකි වී ඇති බවත් උඩරට එළවළු ගොවියන් දැනුම් දී ඇති බවත් පෑලියගොඩ තොග වෙළඳපොලේ නිලධාරියකු පැවසීය.

බෝංචි, කැරට්, වම්බටු, ආදී බහුලව අලෙවි වන එළවළු වර්ග වල තොග මිල රුපියල් 300 ඉක්මවා ඇති බවත් මාලු මිරිස් කිලෝව තොග මිල රුපියල් 450 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පෑලියගොඩ තොග වෙළෙන්දෝ පවසති.

බෝංචි, කැරට්, වම්බටු ආදී එළවළු රැසක කිලෝවක සිල්ලර මිල රුපියල් 500ට ආසන්න වී ඇති බවත් මාළුපිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් ද,  තක්කාලි කිලෝවක් සිල්ලර මිල රුපියල් 450 ක් ද දක්වා ඉහළ ගොස් තිබේ.