
(චාපා මධුභාෂිණී)
එළවළු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර අවභාවිතා කරමින් කැබ් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු මැදිරිගිරිය කළගෙඩි පාලම අසලදී මත්කුඩු ග්රෑම් 3 මිලි ග්‍රෑම් 60 සමඟ අද අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේම ගුදමාර්ගයන්හි මෙම මත්කුඩු පැකට 15 සඟවාගෙන තිබියදී පොලසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව රියදුරුගේ ගුද මාර්ගයේ සගවා තිබියදී මත්කුඩු ග්රෑම් 2 මිලි ග්‍රෑම් 30 අඩංගු පැකට් 9 සහ රිය සහයාකගේ ගුද මාර්ගයේ තිබී මත්කුඩු ග්රෑම් 1 මිලි ග්‍රෑම් 30 අඩංගු පැකට් 6 පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිස් අත්අඩංගවට පත් කැබ් රථය කුලී පදනම මත ලබා ගත් ඒකක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා මැදරිගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ත් 37 යන වයස්හි පසුවන්නන් බව පොලිසිය කියයි.
සැකකරුවන් මීට පෙර මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා රැසකට පොලිස් අත්අඩංගවට පත්වූවන් බව පොලිසිය කළ විමර්ෂණවලදී අණාවරණය වී ඇත.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී මැනින් වෙළඳපොලෙන් ඒළවළු ප්‍රවාහනය සඳහා නීත්‍යානුකූලව බලපත්‍රයක් ගෙන ඒ මුවාවෙන් මොවුන් මෙම මත්කුඩු ප්‍රවාහනය සිදු කොට ඇත.


2025 දෙසැම්බර් මස 18
33
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවළු බෙදන්න බලපත් ගෙන කුඩු ඇද්ද දෙකක් මාට්ටු