(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් අද සවස පැවැති සාකච්ඡාවේදී අදාළ තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා සහ එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සියලුමදෙනා පක්‍ෂය හැරගියා සේ සලකා කටයුතු කරන බවත්, ඔවුනට එරෙහිව කඩිනමින් විනය පරීක්‍ෂණ පැවැත්වීමටත් තීරණය කළ බවත් වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අප්පච්චි මලාට,මොකද වෙන්නෙ.
මේ දෙන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න රාජපක්ෂ ලාගේ කොන්ත්‍රාත්තුව ගත්ත ඉත්තෝ
මේ පක්ෂය මොන තරම් බංකලොත්ද කිවොත් මේකේ තීරණ ගන්න දාල තියෙන්නෙත් ඊයේ පෙරේදා ආපු පැරෂුට් කාරයෝ.
මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මේ වගේ මිනිස්සුන්ව අයෙත් ගත්තේ මොන මෝඩයද කියල රටම දන්නවා. මුන් ඔක්කොම එකතු වෙලා අපේ රට කනවා.
මේදෙන්න විතරද? එතකොට දැන් දෙපාරක්ම පොහොට්ටුවේ සභාපති තනතුරට පත් කළා කියල මල් පොහොට්ටු මිටියක් වන වනා ජය ගෝෂා නගපු එක්කෙනාට විනය පරීක්ෂණ නැද්ද අප්පා?
මේ පක්ෂයේ, විනාශයට රාජපක්ෂලා ඇතුළු මේ දෙන්නා ඇතුළු පිරිස් වගකියන්න ඕනෑ පාක්ෂිකයාට...
මේ දෙන්නාට ඡන්දයකින් දිනලා එන්න මහින්දගේ අය ඉඩ දෙන්නේ නැහැ..