(තරිඳු ජයවර්ධන,ජයන්ත සමරකෝන්,බිගුන් මේනක ගමගේ, නිමල කොඩිතුවක්කු සහ රංජිත් රාජපක්ෂ)
හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
වෙඩි තැබීමකින් ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම අද රාත්‍රී 8.30 ට පමණ සිදුවී ඇති බවත් තුවාල ලැබූවන් කරවනැල්ල හා කිතුල්ගල තැලිගම යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් ගුණසේකර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා අද රාත්‍රීයේ දේශපාලන රැස්වීමකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී මෙම අවහිර කිරීම සිදුව ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.
ගැටුමට මැදිවූ මෙම පිරිස විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටියදී මෙම ගැටුම සිදුව ඇති බවත් වාර්තා වේ.
වෙඩි තැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා රැගත් රථ පෙළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කරවනැල්ල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනුක චන්ද්‍රසේන මහතා පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් රෝගියෙකු එම රෝහලට ඇතුලත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්ය.
ඔහුගේ කකුලේ වලලුකර ප‍්‍රදේශයට වෙඩි තැබීමෙන් තුවාල සිදු වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ඩී.ජී එස් කරුණාදාස මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු වාචාල දේශපාලුව පාර්ලිමේන්තුවට අරගෙන ඇමැති කමකුත් දීලා මෛත්‍රීපාල ජනපති නොකියා කිව්වෙ මොකක්ද. ජනතාව ඡන්දෙ දුන්නත් නැතත් මට ඕන අය මම පාර්ලිමේන්තුවට ගන්නවා කියන එක නෙ.
ඝෝඨාභය මහතා වටා කැරකැවෙන මෙවන් අඳුරු චරිතවල අනාගතය ගැන එතුමාගේ මුවින්ම ප්‍රකාශයක් කරනවා නම් හොඳයි.
මෙවැනි සිදුවීමකින් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව යාම වරදක් නොවේද ?
දැන් මන්ත්‍රීලටත් ආරක්ෂක නිලධාරීන් ඉන්නවද. අපේ කොන්ග්‍රස් සබිකයා තමාගේ කාර්යාලයේ සිට කෝපි බොන්න තනිවම ඇවිදගෙන යනවා කිහිප වරක්ම දැකලා තිබෙනවා. ඒ අතින් බලන කොට ලංකාවේ ඉන්නේ නිවට දේශපාලුවෝ නේද? සිටිය උපජනධිපති සෙනෙට් සබිකයා කාලේ සැතපුම් 200ක් පමණ දුරින් පිහිටි තමාගේ නිවසට ගමන්කළේ දුම්රියෙන්. වෙඩි තැබූ නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද. රාජකාරිය කරන අවස්ථාවක වෙඩි තැබූ අය අත් අඩංගුවට ගත්ත නේද.?
ෂුවර් එකටම පාරේ වාහනය අයින් කරගෙන (කාණුවට බැස) ඉඩ දෙන්න නැතිව ඇති? දැම්මම පරණ සෙල්ලම් පටන් අරගෙන වගෙයි.
මොහුට ආරක්ෂාව දෙන්න මොහු කවුද ?
මෙම මන්ත්‍රීගේ පක්ෂයට විපක්ෂ නායක බලතල පමණක් ඇතිව තිබියදී මගුල් ගෙදරක ගිය අයටත් මෙහෙම කරනවානම් ජනාධිපති බලතලත් ලැබුනොත් කෙහොම හිටීද?
හිටපු ඇමතිලට මොකද තවමත් ආරක්ෂාව දෙන්නේ? මොන රටකවත් නැති දේවල් තමයි අපේ රටේ තියෙන්නේ.
වාහාම අත්අඩංගුවට අරගත යුතුයි එස්.බී, රාජිත මෙන්ම තවත් කිහිපදෙනෙක් ලාංකීය දේශපාලනයට අනවශ්‍යයි.
ඇයි මේ ආරක්ෂකයන්ට අහසට වෙඩි තියල ගැටුම් පාලනය කරන්ට බැරි!. අනික ලංකාවේ ඉන්න මැති/ඇමති ආරක්ෂකයින්ට ආයුධ ලබා නොදිය යුතුයි.
එදත් ඔහොමයි, අදත් ඔහොමයි, දිනුවොත් කොහොම තියේද ?
ඒ අයට ඕන මොහොකට හරි අපිව පටලව ගන්නයි. අපි මේ ටික දිනට ප්‍රවේසම් විය යුතුයි.
ඔන්න ඡන්ද ප්‍රතිපල. දිනන්න පෙර ඔහොමනම්?
ධාමරිකයෝ නායකයො වූවාම වෙන දේ පේනවානේ.
දැන්මම මෙහෙමද? තාම මැතිවරණය ඉවර වුනෙත් නැහැ.
වෙඩි වැදිලා නෙවෙයි. වෙඩි සද්දෙට බයවෙලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ.
වැඩ පටන් අරන් වගේ ආපහු. රට වැටිච්ච තැනක්. 2015 දී පැරදුන අය මළමිනී උඩින් බලේ ගන්න දගලනවා.
සමෘද්ධි කොමසාරිස් වේලාසනින්ම රට පැනලා.
එන්න කලින් මෙහෙමනම් ආවොත් කොහොමද ?
කමෙන්ට් නැත්තේ ඇයි? කට්ටිය දැන්ම බයවෙලා වගේ.
කොයි එක්කෙනා ජනාධිපති උනත් මෙයාලා ඒ ආණ්ඩුවේ ඇමතිලා. ඇමතිලා වෙලා කරන්නේ මේවා. මෙහෙම අයගෙන් වෙඩි කකා ඒ අයටම ඡන්දේ දෙන්න ලංකාවේ මිනිස්සු සාමන්‍ය මිනිස්සු වෙන්න බෑ.
එස් බී ටයි කට්ටියටයි මහ බැංකුවෙන් කඩපු සල්ලි ටිකක් වත් හම්බ උනාද දන්නෙ නෑ.
ඔය කීවට තමන් ම වෙඩි තියා ගත්තද දන්නේ නැහැ නේ.
මේ දේශපාලන අනාථයෙක් විතරයි. ඒ හින්ද එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මේක පිටිපස්සේ තියෙන කතාව ඉක්මනටම එලියට එයි. අනික ලබන ඡන්දෙදි මිනිස්සු එස්.බී ව ගෙදර යවනවා.
යහපාලන රජයෙන් වෙඩි තියලා අහිංසක මිනිස්සුන්ට.... පොලිසිය අයිති රජයට.....
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබේ. අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී..