(ඉන්දිකා රාමනායක)
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අද (06) අනුමැතිය ලබා දී ඇත.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා ඉකුත් 4 වැනි දින එම ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් හිස් වූ එම තනතුරට ලයනල් ගුණතිලක මහතා පත්කර ඇත.
ලයනල් ගුණතිලක මහතා නව පත්වීමට පෙර විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතනවා. ඔබට හැබැයි වර්තමානයේ එස්.ටී.එෆ් එක ගැන ලොකු විශ්වාසයක් අපිට නෑ. පොලොන්නරුවේ, වැලිකන්දේ සිදුකරන මහා පරිමාණ වැලි ජාවාරම් කාරයින් සමග නිලධාරින් සම්බන්ධතා තිබෙනවා. මේ ගැනත් අවධානයෙන් සිටින්න...