එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි කියන තවත් පුද්ගලයන් පස්දෙනකු මැලේසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ස්ට්‍රේට් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
මැලේසියානු පොලිසිය පසුගිය බ්‍රහස්පතින්දා(10), එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දැක්වූ බවට සැක කෙරෙන එරට දේශපාලනඥයන් දෙදෙනකු ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන් අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ අයකු ද සිටින බව ද කියැවේ.
ත්‍රස්ත සංවිධානයකට සහාය දක්වන බවට ලැබුණු තොරතුරු මත ස්ථාන තුනකදී මැලේසියානු පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය එම පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විශේෂ නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන බව ද වාර්තා කර තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විදේශයකදී නැවත නැගී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබීමත් සමඟ මැලේසියාවේ 2014 වසරේදී එම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය.
මැලේසියානු පොලිසිය සහ ආරක්ෂක අංශ මේ වසර තුළ දී කරන ලද විවිධ මෙහෙයුම්වලදී අග්නිදිග ආසියාව තුළ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් වන ජෙමා ඉස්ලමියාහ් සංවිධානයේ සාමාජිකයන් 284 දෙනකු, අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් 512 දෙනකු සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසේ.
055
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එල්ටීටීඊයට සම්බන්ධ තවත් 5ක් මැලේසියාවේදී අත්අඩංගුවට