IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එයාර්බස් ගනුදෙනුවේ විදෙස් පරීක්ෂණ ගැනත් හොයන්නැයි ඉල්ලයි


 
බිඟුන් මේනක ගමගේ
 
A 350 ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධ එයාර්බස් ආයතනයට අදාළව විදේශයන්හි පවත්වන පරීක්ෂණ ශ්‍රී ලංකා ජනතාවගේ හා රජයේ විශේෂ අවධානය යොමු විය යුතු යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.


2018 ජුනි මාසයේදී  තමන් ප්‍රංශය, ඉන්දුනීසියාව, තූනිසියාව, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් සමග එක්ව එක්සත් රාජධානියේ දැවැන්ත වංචා විමර්ශන කාර්යාලයටත්, ප්‍රංශයේ ‘පාර්ක්වේ නැසියෝනාල් ෆිනැන්සියර්’ ආයතනයටත්, ඇමෙරිකාවේ යුක්ති දෙපාර්තමේන්තුවට හා OECD හෙවත් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයටත් ඒකාබද්ධ ලිපියක් යොමු කරමින්  එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත්, අදාළ අවස්ථාවන්හිදී නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටියේ යැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.


ඉන්පසුව එයාර්බස් ආයතනය හා ඊට සම්බන්ධ පාර්ශවකරුවන්ට එල්ල වී ඇති දුෂණ චෝදනා විදහා දක්වමින් ‘කරප්ෂන් වොච් UK’ ආයතනය වාර්තාවක්  සම්පාදනය කළේ යැයි ද එය සිය සංවිධානය විසින් ජනපති කොමිසමට දෙනු ලැබුවේ යැයිද එහි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා කීය.


A350 ගුවන් යානා සැපයුම් ගනුදෙනුව උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 15ට අධික මුදලක් ගෙවා ඇති නමුත් ජාත්‍යන්තර එකඟතා අනුව එම මුදල් නැවත අයකරගැනීමට හැකියාව ඇතැයිද ඔබේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

එයාර්බස් ගනුදෙනුවේ විදෙස් පරීක්ෂණ ගැනත් හොයන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site