සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පස්වරුවේ සිදුකෙරිණි.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2019 දෙසැම්බර් මස 18 වැනිදා මෙම සිව් පුද්ගල විද්වත් කමිටුව පත් කෙරිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
එම කමිටුව විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් සිදුකෙරෙන අතර ඔවුහු විවිධ පැතිකඩ ඔස්සේ මෙම විශ්ලේෂණය සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ලිපිලේඛන විමර්ෂණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර සහශ්‍රක අභියෝගතා සමායතනය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔවුන් විසින් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එම්.සී.සී ගිවිසුම හොයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට
sharm warn Tuesday, 18 February 2020 05:09 AM
රටේ නැති වැල් බයිලා කියවලා හොරෙන් ම අත්සන් කරයි ...
Nissanka Tuesday, 18 February 2020 05:15 AM
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුනාම එම්.සී.සී ඉරලා දානවා කිව්ව දේශප්‍රේමියෝ දැන් මොකද කියන්නේ?
rana Tuesday, 18 February 2020 05:28 AM
දැන් කවුද දිනුම් ?
kamal Koyrala Tuesday, 18 February 2020 06:58 AM
ලිපිලේඛන විමර්ෂණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවල යෙදෙමින් මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරන අතර ජනතාවගේ දැනගැනීම පිණිස පසුගිය මැතිවරණ වේදිකාවල සහ අන්තර්ජාලයේ විශ්ලාෂණ ඉදිරිපත්කළ විමල්, ගමන්පිල, ජ වී පෙ , පළකරන්නේ නම් හොදයි