(බිඟුන් මේනක ගමගේ)
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අද(23) මුණගැසී තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව අගමැතිවරයා මුණගැසී තිබෙන්නේ ගිවිසුමට අදාළ මුල් ලේඛන ඉල්ලා සිටීමටය.
එම්.සී.සී ගිවිසුම යැයි සඳහන් ලේඛන ඩිජිටල් හා මුද්‍රිත ස්වරූපයෙන් විවිධ මූලාශ්‍රවල සඳහන්ව ඇතත් ඒවායේ නිරවද්‍යභාවය සම්බන්ධයෙන් විවිධ අදහස් පවතින බැවින් එහි මුල් ලේඛන ඉල්ලාසිටීමට කමිටු සාමාජිකයන් කටයුතු කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ලේඛන කමිටුවට සම්පාදනය කරදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පොරොන්දු වී ඇති අතර ඒ අනුව ලබන සතියේ පමණ කමිටු සාමාජිකයන් රැස්ව එම්.සී.සී ගිවිසුම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත යැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම සිවු පුද්ගල කමිටුව පත්කරනු ලැබුවේ එම්.සී.සී ගිවිසුම අස්සන් කිරීම තාවකාලිකව අත්හිටුවමිනි.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ඩී.එස්.ජයවීර (ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්), ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන, නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
COMMENTS
අපේ ඩොක්ටර් පාදෙනිය මහතාගෙන් අහන්න. එතුමා ඕක ගැන ලොකු අධ්‍යයනයක් කළා...
තිස්ස ජනනායක මහත්මයත් මේ කමිටුවට දැම්මා නම් වඩා හොඳයි.. එතුමාට තරම් මේ ගිවිසුම ගැන වෙන කාටවත් දැනුමක් නැහැනේ..
69 ලක්ෂයක්ම විරුද්ධ වුණු දෙයට, කමිටුයි සාකච්ඡායි මොකටද? කමිටුව මොනවා කිව්වත් දැන් මේක හොඳයි කියන්න පුළුවන්ද? බැලුවාම යූඑන්පී එකට ඕනෑදේවල්නේ මේ. රට සුද්දාට පාවා දෙන වැඩ ගැන නම් කතා කරන්න එපා, ජනාධිපතිතුමා නම් ඕවාට එකඟ වෙන්නේ නැහැ.
නීතිඥ උදය ගම්මන්පිල මයා සියයට හැත්තෑවක කතාවක් කළේ... සීයට කීයක් කියවලා බලලද මන්දා...
ඡන්ද ගන්න ඔය ගිවිසුම කුණුකුඩෙට දානවා කියලා නේද කිව්වේ?
එතකොට මේ ගොල්ලෝ ඡන්දෙට කලින් මේක හොඳ නැහැ කියලා රට වටේටම කිය කියා ඇවිද්දේ මේක අධ්‍යාපනයක් කරන්නේ නැතුවද? අනේ මන්දා අපි මේ පාරත් රැවටුණාද කියලත් හිතෙනවා.
පසුගිය ටිකේ අධ්‍යයනය කරපු නිසානේ විමල්ට බොරු දේවල් ලියලා දීලා, උසි ගන්නලා, ජනතාව කෝප කෙරුවේ බලය ගන්න ඕනෑවට දැන් මොනවා කතා කරන්නද? රටට හොඳ නැහැ... ලැබෙන විශාල මුදල් ප්‍රමාණය සුනාමියට අහුවුණා වගේ තියෙයි. කෝ හාමුදුරු ගොල්ලන්...? මේ රට බාරදෙන්න සිංහයෙක්ට කියලා දැන්. මිලේනියම් හොඳ වුණාද? සල්ලි කන්දරාවට මොන අයියත් කොන්ද නමනවා. ඇයි දැන් විමල්ගෙන් නෙමේද උපදෙස් ගන්නේ? බෝඩ් උස්සන් බෙරිහන් දෙන්න ඔය ටික ලියලා දෙන්න කොලයක, බලය නැති කොට රටට අනතුරුදායකයි. බලය තියෙනකොට හොඳ පාටයි. පුත්තුන්ට හොඳයි. රටට කෙසේවෙතත්....
කෝ අර බමුණු...
ඕක තමයි ඡන්ද දායකයන්ට කියන්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියලා ලංකාවේ ජනතාව වැටිලා ඉන්නේ අගාදයකට. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා කේවල මැතිවරණ ක්‍රමයක් ආවේ නැත්තම් ලංකාවට දෙවියන්ගෙත් දෙවියන්ගේ පිහිටයි.
රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් ගැන සාකච්ඡා කරන්න ලැජ්ජා නැද්ද මහත්තයෝ.
මහින්ද මහතාගේ ලැම්බෝගිනි, රත්‍රන් අශ්වයෝ,පුගලික ප්ලේන් ගැන කියාලා 2015 ඒ ආණ්ඩුව පෙරලුවානම් මෙගොල්ලොත් එම්.සී.සී එකේ වැරදි පෙන්නලා එජාප රජය පෙරලන්න කටයුතු කලාට කිසිම වැරද්දක් නැත. මොකද ලංකාව දේශපාලුවන් කියන කතා කිසිම වග විභාගයකින් තොරව බාරගන්න මිනිසුන් ඉන්න රටක් නිසා.
ගුණරුවන් ඔය වැඩේ බැහැ, අනා ගන්නවාමයි. දැනුම තියෙන පුළුවන් කෙනෙකුට දෙන්න.
ඇත්තටම කිව්වොත් ඔය ගිවිසුමේ අකුරක් වෙනස් කරන්නේ නැතිව ගම්මන්පිල වීරවංස වගේ අය ඉස්සරහ පේලියේ තියාගෙන අස්සන් කරනවා.
අගමැති තුමෝ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ රටට අහිතකර දේවල් නවත්තන්න මිස ඉදිරියට කරගෙන යන්න නොවේ. කමිටු, මණ්ඩල ඔය මොන අය දාලා හොයල බැලුවත් ඕකට ජනතාව අකමැති බව ඔබතුමන්ලා දන්නවා. ඒ නිසා ඔකේ තියෙන 3 වන වගන්තිය "ප්‍රති ත්‍රස්ත පනත", 2 වන වගන්තිය "ඉඩම් ප්‍රතිසංස්කරණ" ඉවත් කල යුතුමයි. අපේ ඉඩම් කොහොම තිබුනත් ඇමරිකාවට ඇති රුදාව මොකක්ද?
මේ කමිටුවට වඩාම සුදුසු දෙන්න පාදෙණිය හා තිස්ස ජනනායක තමා. තමන්ට සුදුසුකමක් නොමැති තමන්ගේ විෂයට අදාල නොවන දේවලට දේශනා පවත්වන්නේ තුට්ටු දෙකේ මිනිස්සු.
මේකත් තවත් වැටකොළු ආණ්ඩුවක්. ජන්දය දුන් සැමට අබ සරණයි.