IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


‘එම්සීසී ගිවිසුම සම්මත වුණොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ’

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය බලයට පත්වන කිසිදු රජයකට නැවත අහෝසි කිරිමට නොහැකි යැයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එම ගිවිසුම අත්සන් කළහොත් ජාතික ආරක්ෂාව ගැන සිතා හෝ එම ගිවිසුම අහෝසි කිරිමට නොහැකි බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (20)

‘එම්සීසී ගිවිසුම සම්මත වුණොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ’

sirimal Thursday, 07 November 2019 11:10 AM

මෙන්න මෙන්න මෙයා ආපහු ඇහැරලා. මහින්ද මහත්තයාගේ කාලෙත් මේ ආධාර ගිවිසුම ඉදිරිපත් කළා. ඒකාලේ කවුරුවත් මෙහෙම විරෝධතා පෙන්නුවේ නැහැ. වැඩේ කෙරුනේ නැත්තේ අර සුප්‍රකට සියයට දහයේ කප්පම් හුට පටේ නිසා කියලයි කියන්නේ.

:       612       709

AsankaThursday, 07 November 2019 11:29 AM

ඒවාට වඩා MCC එක අති භයානකයි . මේ ගිවිසුමෙන් ගොඩ ගිය රටවල් 2ක් නම් කරන්න ඔබ මේ ගැන කියවන්න දැනුම තියන කෙනෙක් නම්

:       452       383

sirimalThursday, 07 November 2019 01:13 PM

මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමත වුනොත් පමණයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා "ශ්‍රී ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම"නමින් සමාගමක් පිහිටුවිය යුතුයි. මේ සමාගම ඇමරිකානු සමාගමක් නෙමෙයි. එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වන්නේ පහත් අයගෙන්. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අගමැතිවරයාගේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්, මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වනිතා හා ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්, සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්... ඇමරිකාව වගේම වෙනත් බටහිර රටවලුත්, සෝවියට් දේශය වැනි පැරණි සමාජවාදී රටවලුත් වෙනත් රටවලට ආධාර දීම කාලයක් තිස්සේ කළ දෙයක්. බංගලාදේශය, වියට්නාමය, දකුණු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ බොහෝ රටවල් මේ වැඩපිළිවෙල යටතේ ප්‍රයෝජන අරගෙන තියෙනවා. මේක විස්තර කරනවා නම් පිටු ගණනක් ලියන්න වෙනවා. බොරුවට මිනිස්සු බය කරන්න එපා. ඒක වැරදි වැඩක්.

:       0       0

විනිවිදThursday, 07 November 2019 12:02 PM

සොරුන් බේරා ගැනීම හැර අන් සෑම දෙයක්ම අසුබවාදිව දකින ඇමතිවරයෙකු ලෙස ඉතාම ප්‍රසිද්ධය.

:       0       1

MaheeThursday, 07 November 2019 12:33 PM

ඔබ හරි සිරිමල්. විජයදාස ගැන මගෙත් යම් ප්‍රසාදයක් තිබුන. නමුත් වෙනත් වාසි පිලට පනින්නවුන්ගේත්, ඔහුගේත් වෙනසක් නැහැ වගේ. ප්‍රතිපත්ති මත පක්ෂ මාරු කිරීම කිසිම වරදක් නැහැ. නමුත් කුලියට කහින්න එහාට මෙහාට පනින අය මට නම් පිළිකුල්.

:       147       206

Hafeel Thursday, 07 November 2019 01:54 PM

මමත් එකඟයි ඔබ සමග. මෙයාව ඇමති ධූරයෙන් ඉවත් කළ මොහොතේ මෙයා කිව්වේ මහ බැංකු වංචා කළ සහ හම්බන්තොට වරාය චීනට දුන් ආණ්ඩුවේ ඉන්න ලැජ්ජයි කියලා. නමුත් මාස හයත් ගත වුනෙත් නැහැ අගමැතිට එරෙහිව මෙයාම චෝදනා කළා. ඔන්න ඒ අගමැතිට පක්ෂව ඡන්දයත් දීලා නැවත ඇමති මණ්ඩලයටත් රිංගා ගත්තා. ඉතින් මෙයාගේ කටින් පිට වෙන වචන විශ්වාස කළ හැකිද? මෙයාට ප්‍රතිපත්තියක් තියනවද?

:       0       1

BamunuarachchiFriday, 08 November 2019 03:13 AM

කතා කරන්න එම්සීසී එක සම්බන්දව ලියා ඇති කරුණු ගැන. විජේදාස රාජපක්ෂ ගැන නොවෙයි.

:       25       1

Rasika Pradeep Thursday, 07 November 2019 11:16 AM

මේ වගේ තත්වයක් ඇතුලෙත් මේක මේ හදිස්සියේ සම්මත කරගන්න හදන්නේ මොන පදනමක ඉදලද කියල දන්නේ මංගලම තමයි.

:       151       129

DhammikaThursday, 07 November 2019 11:30 AM

තමන්ට දරු පරපුරක් නැති, අනාගතයක් ගැන හිතන්න ඕනෑ නැති කෙනෙක්ට මේ රටට, ජාතියට, දරු පරපුරේ අනාගතයට මොනවා වුණාම මොකද?

:       0       0

sugath Thursday, 07 November 2019 11:22 AM

විජයදාස රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ කියන්ට පුලුවන්ද ඔබ සහයෝග දක්වන ජනාධිපති අපේක්ෂකයා මේ ගිවිසුමට සහයෝග දක්වනවාද, නැද්ද යන්න?

:       193       235

Janaka Thursday, 07 November 2019 11:28 AM

ඔබ ජනතාව රැවටූ කෙනෙක් ඔබේ වදන්වල හරයක් නෑ ඔය ගිවිසුම අවලංගු කරනවා කියල ගෝඨා මැතිදු කියන්නෙ නැත්තෙ ඇයි. ඔහු ඇමරිකාවට පක්ෂපාතීද? ජනතාව තවත් මුලා කරන්න එපා.

:       258       305

Mama Thursday, 07 November 2019 11:47 AM

මොනවද ඔය කියන බොරු? දැන් කිව්වා නේද ඔය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා.

:       0       0

Rata Perata Thursday, 07 November 2019 11:53 AM

අවස්ථාවාදියෙක් විතරයි. රට ගැන හිතනම කෙනා. එහෙනම් ඉස්සරවෙලාම ගෝඨගේ පුරවැසිභාවය බලලා ඉන්නකෝ. නැත්නම් ඇමෙරිකන් පුරවැසියෙක් රටේ නායකයා වෙනවනේ. ඒක මේ ගිවිසුම් වලට වැඩිය භයානකයිනේ.

:       0       1

කපුරු හාමි Thursday, 07 November 2019 12:00 PM

කෙරුවාවේ තරම අපිට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. පහුගිය කාලේ තමුන් ගහපු ඩීල් ගැනත් රටම දන්නවා.

:       0       0

සෑම් Thursday, 07 November 2019 12:09 PM

MCC එකට වඩා අති භයානක පහත් වැඩ කරලා තියෙන්නේ... මහජන මුදල් හොරා කාපු අයගේ නඩු හංගලා ප්‍රසිද්ධියේ උජාරුවට කියාපු ලෝකේ ඉන්න පළමු කෙනා වෙන්න ඇති...

:       0       0

BamunuarachchiSaturday, 09 November 2019 04:41 AM

මේ අය හදන්න පුළුවන් ජාතියකුත් නොවෙයි.., හැදෙන ජාතියකුත් නොවෙයි. ඒ අය කරපු දේවල් නොවෙයි මේ අය කරන්න යනදේවල් ගැන හිතන්න. හොරකම් වලින් පොලී අනුපාත වැඩිවුණේ නැහැ. එක හොරකමින් පොලී අනුපාත වැඩිවෙලා රුපියල අවපාත වෙලා ආයෝජකයින් තැන්පත් කල මුදල් ආපසු රැගෙන ගියා.

:       0       0

Raveendra Thursday, 07 November 2019 12:11 PM

ඇත්තෙන්ම මේ උන්නැහේ කොහෙද හිටියේ...? මොනවා වුණත් මේ උන්දැත් ගිවිසුම ගැන නම් කියලා තියන දෙය සම්පූර්ණ ඇත්ත. ඇමරිකන් කාරයා ලෝකයේ කිසිඳු රටකට යටි හිතේ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන උදව් කර එම රට නන්නත්තාර කරා හැර නිකන් නම් උදව් කරාද කියලා අවංකව ලෝක දේශපාලනය ගැන හොයන කෙනෙකුට හොඳින්ම වැටහෙනවා. අප ප්‍රසිද්ධියේම අහන්නෙත් නුඹලා මේ ගිවිසුමට අත්සන් කරනවාද නැද්ද යන්නයි...

:       0       0

Amila Thursday, 07 November 2019 12:50 PM

පච කියන එකෙත් සීමාවක් තියාගන්න. එහෙට මෙහෙට පැන පැන ඉන්න. මේ මනුස්සයා දුන්නු වැරදි උපදෙස් පිලිඅරගෙන ජනාධිපතිතුමා වගේම මහින්දත් අමාරුවේ වැටුනා. කිව්වොත් බේගලක්මයි ඇදබාන්නේ.

:       8       41

athula Thursday, 07 November 2019 01:10 PM

දෙගොල්ලම එදා සිටම කලේ රට කොටසින් කොටස විකුණපු එක... මොලේ කියලා දෙයක් නොමැති අය ගෝඨාභය ආවත් කරන්නේ ඕකම තමයි. අමිල සම්පතක් වූ හමුදා මූලස්ථානය සින්නක්කරව චීනයට දුන්නේ එයාගේ අම්මගේ, අප්පගේ දේවල් කියලා හිතලද...?

:       0       0

edwin Thursday, 07 November 2019 04:53 PM

නිකං බොරු බිල්ලෝ මවලා අපිව අන්දන්නම් බැහැ හොඳේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට
2025 පෙබරවාරි මස 17 18 0

යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කි


රිය අනතුරින් 12ක් රෝහලේ
2025 පෙබරවාරි මස 17 293 0

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ග


ඉලංගෙයි තමිල් අරුසකච්ඡ නව ලේකම් සුමන්දිරන්
2025 පෙබරවාරි මස 16 459 0

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව


කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි
2025 පෙබරවාරි මස 16 2384 0

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට


තිස්ස පැත්තකට වෙයි
2025 පෙබරවාරි මස 16 2320 4

එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ම


අයවැය අරන් ජනපති හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 16 798 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 283 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 142 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 972 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site