(අජිත්ලාල් ශාන්තඋදය සහ පැල්ඩුල්ල අරුණ එස් හේරත්)
දොගොඩතලා යමින් තිබූ කිරිඳිගඟේ පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශයට ද ඉහළින් පිහිටි කුට්ටාපිටියේ, වටවල ඉමේකැලේ සපත්තු පාලම අවට සිටි ජනතාවගේ විරෝධය ද නොතකා එගොඩ වෙද්දී ජල පහරට හසුව ගසා ගොස් සිවුදරු පියාගේ සිරුර තවමත් හමු නොවු බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
වටවල ඉමේකැලේ පදිංචිව සිටි 55 හැවිරිදි ඉමේකැලේ අලංකාරගේ රෝබෝසිඤ්ඤෝ යන අය මෙසේ අතුරුදන්ව ඇත.
අතුරුදන් තැනැත්තා පැල්මඩුල්ල නගරයට ගොස් ආපසු පැමිණෙද්දී මෙම අනතුරට මුහුණ පා ඇති බවට තොරතුරු ලැබුණු බව පැල්මඩුල්ල පොලීසිය පැවසීය.
පැය කිහිපියක් තිස්සේ පැවති අධික වැස්සත් සමග ප්‍රදේශයේ ඇලදොලවල්වල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. පැල්මඩුල්ල නගරයට ජලය සපයන ජලමූලාශ්‍රය වූ කිරිඳි ගඟද අඩි 4කට වඩා ජල මට්ටම ඉහළ ගිය බව ප්‍රදේශවාසීහු කීහ.
වටවල ඉමේකැලේ ගමේ සිට පැල්මඩුල්ල දෙසට එන අයත් පැල්මඩුල්ල සිට ඉමේකැලේ ගමට යන අයත් කිරිඳි ගඟ ඉවුරේ සපත්තු පාලම දෙපැත්තේ බලාසිටියදී මෙම සිද්ධියට වූ බව ඇසින් දුටුවෝ කීහ.
පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශ්‍රය ඇත්තේද මෙම තැනැත්තා අතුරුදන්වූ ස්ථානයට පහළින් බව පොලීසිය පැවසීය. සුප්‍රසිද්ධ ‘කිරිඳි ඇල්ල’ ඇත්තේ ද ඊටත් පහළිනි. රොබෝසිඤ්ඤෝ මහතා අතුරුදන්වූ පාලමට පැල්මඩුල්ල නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ ඇතිබව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.
කිරිඳිගඟේ ජල මට්ටම යම් ප්‍රමාණයකින් අඩුව ඇති නමුත් එහි බැසීම තරමක් අවදානම් නිසා ඉවුරු දෙපැත්තේ සිට සෝදිසි කළද තවමත් සිරුර හමු නොවූ බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එපා කියද්දි එගොඩ වූ සිව්දරු පියා අතුරුදන්
darmasena Saturday, 12 October 2019 05:20 AM
ඕකම තමයි අපේ සජිත් මහත්තයාටත් වෙන්නේ ..
kamal Sunday, 13 October 2019 01:38 AM
එපා කියද්දිත් ගියානම් ඉතින් අත්වැරදීමකින් උන් දෙයක් නෙමෙයි.