
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාවේ නිව් පෝට්‍ට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කර ඇති ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට තමා වරප්‍රසාද ප්‍රශ්නයක්ද ගොනු කර ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙම ගිවිසුම ඉදිරිපත් නොකර ඒ සම්බන්ධයෙන් විවාදයක් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මෙම ගිවිසුම අත්සන් කළේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා බැවින් එහි වගකීම තිබෙන්නේ ඔහුට බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ඊට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවෙි අදාළ ගිවිසුම ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා එකඟතාවය පළ කර තිබෙන බවයි.රනිල් වික්‍රමසිංහ මහතා අගමැති සමයේ මෙවැනි ගිවිසුම් ලබාදෙන්නැයි ඉල්ලූ විට ඊට ඇහුම්කන් නොදුන් බව කී සභානායකවරයා එතුමා විපක්ෂයට ගිය පසු දැන් අලුත් දෙයක් කරන්නට උත්සාහ කිරීම ගැන සතුටු වන බවත් පැවසීය.
ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා අගමැති සමයේ සියලුම අධීක්ෂණ කාරක සභා වලට අදාල ලියකියවිලි ලබාදුන් බවත් එසේ නොකළ අවස්ථා තිබේ නම් එය ඉදිරිපත් කරන්නැයිද ඒ පිළිබඳ විවාදයකට සූදානම් බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ තමා සභානායක ලෙස සිටි සමයේ ඉල්ලූ සෑම ලියවිල්ලක්ම පාර්ලිමේන්තුවට සැපයීමට ක්‍රියා කළ බවයි.එසේ නොකළ නොකළ අවස්ථාවක් තිබේ නම් එය නම් කරන ලෙසද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
COMMENTS
ඇමරිකාවේ නිව් පෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කර ඇති ගිවිසුම පාර්ලිමේන්තුවට ලබා නොදෙන්නේ නම් එම සමාගමෙන් ගැනීමට හැකියාවක් තිබෙන්නට පුළුවනි. ගිවිසුම පිළිබඳව ඔවුන්ගේ වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් කර ඇත.
ඔක්කොටම කලින් ඔයාගේ ලජ්ජා නහරේ කැපුව දොස්තර කවුද කියලා මැතිසභයට කියන්න