(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොරෝනා වසංගතය පැතිරීම නතර කර ගැනීම සඳහා එංගලන්තය මාසයක් වසා තැබූ බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා වෛරසය ශරීරගත වී තව කෙනෙකුට බෝවිය හැකි සති දෙකක කාල සීමාව වත් අඩුම තරමින් රට වැසීමට ක්‍රියාකළ යුතුව ඇතැයිද කියා සිටියේය.
ආර්ථිකය කඩා වැටෙනවා යැයි කියමින් රට නොවසා සිටීමෙන් පලක් නොවෙතියි ද දැනටමත් ලංකාවේ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි ද කියූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් රජය බැලිය යුත්තේ රුපියල් ශත ගැන ද නැතිනම් ජීවිත ගැන දැයි කියා තීරණය කළ යුතුව ඇතැයි සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවකදී ය.දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විස්තර කළේය.
රට වසා දැමූයේ උවමනා නැති කාලයේ දී බවත් දැන් රට වසන්නට අවශ්‍ය කාලයේදී විවෘත කරගෙන සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වන්නේ නැතැයි ද වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකා ඩොලරය රුපියල් දෙසීයට ගියේ කොරෝනා වසංගතය නිසා නොවන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පළමුව වසංගතයේ පැතිරීම කෙසේ හෝ නතර කරගත යුතුව ඇතැයිද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන විට කළ යුත්තේ ආසාදිතයන් අඩු කරගැනීමට පියවර ගැනීමයි. එන්නත් සෙවීමට කාලය නාස්ති කර දැන් පලක් නැහැ. වහ වහා කළ යුත්තේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි. වසංගතයේ පැතිරී යාම නවතා ගැනීමට නම් අඩුම තරමින් සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි. එලෙස රට වසා තබන කාලය අතරතුර සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එක් දිනයක් රට විවෘත කිරීමේ වරදක් නැහැ. එංගලන්තය වසංගතය පැතිරීම නවතා ගත්තේ එකදිගටම රට මාසයක් වසා තැබීමෙනුයි.
වෛරසය තව කෙනෙකුට බෝ වීමට ගතවන සති දෙකක කාලය සැලකිල්ලට ගෙන රට වසා තබන කාලය තීරණය කළ හැකියි.රට වසා තැබුවා යැයි කියා ආර්ථිකය අමුතුවෙන් කඩා වැටෙන්නට දෙයක් නැහැ. අද ලංකාවේ ආර්ථිකය කොහොමත් කඩා වැටී ඉවරයි.
මා ප්‍රකාශ කළ ආකාරයට ජනවාරි පෙබරවාරි මාස වල එන්නත ඇණවුම් කළා නම් මේ වන විට ඒවා විද අවසන් කරන්න තිබුණා.ඇමරිකාව ඇස්ට්‍රා සෙනිකා එන්නත් මිලියන හැටක් අනෙක් රටවල් වලට ලබා දී තිබෙනවා.
මොඩානා සහ ෆයිසර් එන්නත් මිලියන විස්සක් ද මෙලෙස ලබා දී තිබෙනවා. ඇමරිකාව සියලු එන්නත් දුන්නේ නොමිලේ. චීනය එන්නත් මිලියන 250ක් එක්කෝ පරිත්‍යාග කළා. නැතිනම් අලෙවි කළා .චීනයේ එන්නත් නිෂ්පාදනය කෝටි 65 ක් වනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණාගාරයේ හලාල් සහතිකය සහිතව එන්නත් නිෂ්පාදනය කරනවා.
මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල් කලින්ම එන්නත ඇනවුම් කළ නිසා ඒවාට එන්නත් තොග ලැබුණා .වැඩ පිළිවෙළක් නැති රජයට එන්නත් ටිකවත් නිසි වේලාවට ඇනවුම් කරන්න බැරි වුණා .ආර්ථිකයට පහර වැදීම රටවල් ගණනාවකට සිදුවී තිබෙනවා .මේ අවස්ථාවේ කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව වැඩ කිරීමයි. රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකාවිදැයි කියා නම් මට කියන්න බැහැ. මෙරට එන්නත දීමට නියමිත ජනගහනයට එන්නත දෙන්න වැය වන්නේ ඩොලර් මිලියන 200යි. ඒ මුදල සොයා ගැනීම රජයේ වගකීමයි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
බලේ තියනකොට මොලේ නෑ.. මොලේ තියනකොට බලේ නෑ..
අම්මට සිරි මෙයා ගියපු දුරක්...!!!
ඇමරිකාව අැස්ට්‍රාසෙනිකා මිලියන 60 වෙන රටවලට දුන්නා කියන එක බොරුවක්... දෙන්න ඕනෑ කියලා බයිඩ්න් මාසෙකට කලින් කිව්වට තාම එක රටකටවත් දීලා නැහැ.
රනිල්ට බලේ නැති කොට මොලේ ඇත, අපේ සර්ට බලේ ඇතිකොට මොලේ නැත....
අනේ කට වහගෙන ඉන්න බැරිද? ඔය කළ හරිය හොඳටම ඇති...
මේ සියල්ල සිදුව තිබෙන්නේ රජයේ නායකයන්ගේ සහ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ගේ නොදැනුවත්කම සහ උපදෙස් පිළිනොපැදීම නිසා නොවේද? රජයේ සෞඛ්‍ය අංශයන්හි කිසිම කණ්ඩායමක හැඟීමක් නොමැතිව ක්‍රියාකිරීමත්, ඔවුන් අතර තිබෙන්නා වූ අර්බුද නිසා රටේ ජනතාව මේවන විට සෑම අතින්ම දුකට පත්ව සිටියි.
ඔබතුමාට දුර පෙනුණා.. කිව්ව දේවල් ඇත්ත වෙනවා... දැන් ඉන්න අයියලාට... ඔහොම තේරුම් ගන්න මොලයක් නෑ.
රෝගය පාලනය කරන්න බැහැ. දුප්පතුන්ට වැසිකිළි නැහැ. ඒ අයට වුවමනාවක් නැහැ ඒවා හදාගන්න. මේ නිසා මේ ප්‍රශ්නයට ගම්මට්ටමේ පී.එච්.අයි. ලා විසින් සමීක්ෂණය කරලා හැම නිවසකම ඉතාම නවීන තාක්ෂණිකව වැසිකිළි සාදා දීමක් පිළිබඳ යෝජනාවක් සහ හැම නිවසකම ක්‍රියාත්මක විය යුතුවේ.
මොන පාට, පක්ෂයක සිටියත් ඇත්තෙන්ම මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයකි.
බල්ලෝ බුරති..
ඔබතුමා කටවහගෙන ඉන්නවද අපිට කීයක් හරි හොයාගන්න. එන්නත ඩොලර් 05ට ගෙනැල්ලා ඩොලර් 10ට දෙනවා කියලා සජිත් පාර්ලිමේන්තුවේදී කිව්වා. අපිටත් කීයක් හරි හොයාගන්න උදව් කරන්න. ඔබතුමාගේ මහ බැංකු කේස් එකයි, පාස්කු කේස් එකයි දෙකම අපි ශේප් කළානේ. දේශපාලනයේ හතුරොත් නෑ. මිතුරොත් නැහැ..
සූත්තර පුංචාත් අපේ පුතාණෝ වගේ දොස්තර විභාගේ පාස් වෙලා නේද? සූත්තර පුංචාත් හරි ළමයා තමයි... අපිට නිකමටවත් කිව්වද "කොන්" දොස්තර විභාගේ පාස් කියලා... ඕකනේ කියන්නේ ඉගෙනීමට, විභාග සමත්වීමට වයස බලපාන්නේ නැහැ කියලා..
මෙතුමා කියන කතාවම දැන් දොස්තරලත් කියනවා. වෙන කරන්න දෙයක් නෑ. සති දෙකකට රට වහන්නම වෙනවා කොච්චර අපහසු වුනත් රටේ අනාගතය ගැන හිතල.
ඔබට සුබ සිහින වේවා