(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ‘කොවිඩ්’ ආසාදිත මරණවලින් සියයට 91 ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් එන්නත ලබාගැනීම ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බවත් වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.
‘නිරෝධායන ඇදිරිතිය කාටද?, කෙසේද?, යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා එසේ පැවසීය.
එහිදී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“වයස අවුරුදු 60 ට වැඩි ඉතාම සුළුතරයක් එන්නත් ලබාගෙන නොමැති වීම ගැටලුවත් වීම නිසා වයස 60 ට වැඩි පුද්ගලයින් සඳහා රටේ බොහෝ ස්ථානවල වෙනම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවමින් එන්නත්කරණය තවදුරටත් සිදුකරනවා. 60ට වැඩි සියලුදෙනා හැකි ඉක්මණින් එන්නත් ලබාගැනීමට යොමුවීම වැදගත්.
එන්නත්කරණයෙහි ප්‍රධාන අරමුණු දෙක තියෙනවා. ඒ තමයි මරණ අඩුකරගැනීම සහ රෝග සම්ප්‍රේෂණය අඩුකරගැනීමයි. කොවිඩ් මරණවලින් සියයට 77 ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය.
අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්ගේ මරණ ප්‍රතිශතය සියයට 22 ක්. ඒ වගේම කොවිඩ් මරණවලින් සියයට 65 ත් 70 ත් අතර ප්‍රමාණයක් නිදන්ගත රෝග තිබූ අයයි.
කොවිඩ් මරණ සදහා වැඩි අවධානමක් ඇත්තේ වයස 60ට වැඩි පුද්ගල කාණ්ඩයේ වන බැවින් ඔවුන් සියලුදෙනා අනිවාර්යයෙන්ම එන්නත්කරණයට යොමුවිය යුතු බවද වෛද්‍යවරයා කියා සිටියේය.
COMMENTS
මරණ 91%ක් එන්නත ලබා නොගත් අය කිව්වට, මුලදී එන්නත දුන්නේ මන්ත්‍රීලගේ චිට් එකට. දැන් තමයි ඒක පිළිවෙලකට දෙන්නේ. ඉතින් ඔය කියන 91%ක් මැරුණේ කවදා ඉඳලාද? ඊට කලින් ගණන අඩුකරලා ප්‍රතිශතය කියන්න මහත්තයෝ. එන්නත ගැනීම විතරක් නොවෙයි, හැමෝම සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි. මහජනතාවගේ සහාය නැතිව රජයට පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ...
කොරෝනා ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා කෝ කීදෙනාටද එන්නත ගහලා තියෙන්නේ.?
ඇයි පොල්ගහවෙල මඩලගම වසමට තාම බේත් විදලා නෑ දැන්වත් විදින්නකෝ ?
එන්නත ලබාගැනීමට අවස්ථාව නොලද අයත් එන්නත් ලබා නොගත් අය ලෙස සැලකීම වැරදි සහගතය
සංඛ්‍යානමය වශයෙන් වැදගත් නැති දෙයක් බොරුවට හුවා දක්වන්න එපා, හරියට දත්ත ආශ්‍රිතව පරීක්ෂණය හරි, අනෝවා, යුගල ටී පරීක්‍ෂණය වගෙ නියම පරීක්ෂාව කරන්න, නැතිව දත්ත බොරු කරන්න එපා.