IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


‘එන්නත් දෙකම ගැනීමෙන් අවදානමක් නෑ‘

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා මාත්‍රා දෙකම  එකවර ලබාගැනීමෙන්  සෞඛ්‍යමය වශයෙන්  අවදානමක්  ඇති නොවන බව ඖෂධ නිෂ්පාදන සැපයූම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එන්නත් මාත්‍රා  දෙකම  එකවර ලබා ගත්  අයට  සෞඛ්‍ය ප්‍රශ්නයක්  ඇතිවී තිබෙන බවට ලෝකයේ කිසිඳු  රටකින් වාර්තා වී නැතැයිද හෙතෙම සඳහන් කළේය .

සමහර අවස්ථාවලදී එන්නත් මාත්‍රා  දෙක නොව  පහ දීපු තැන්ද ලෝකයෙන්  වාර්තා වන බවත්  හිතා මතා ගත් අවස්ථා මෙන්ම අත්වැරදීමෙන් ඇති වූ සිද්ධීන්ද  ඒ අතර වන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එන්නත් මාත්‍රා දෙකම ලැබූ පේරාදෙණියේ  කාන්තාව රෝහල් ගතවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් බියට පත්වීම  නිසා යැයි පැවසූ ජයසුමන මහතා තමාට කුමක් හෝ ප්‍රශ්නයක්  ඇති වේ දැයි ඇතිවූ බිය නිසා ඇය මෙසේ රෝහල්ගතව තිබෙන බවද ප්‍රකාශ කළේය .

ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සමඟ තමා සාකච්ඡා කළ බවද එම කාන්තාවට  සෞඛ්‍යමය වශයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව   වෛද්‍යවරුන් වාර්තා කළ බවත් හෙතෙම පැවසුවේය.

උඩපේරාදෙණිය ප්‍රදේශයේ  මෙම කාන්තාව  පළමු එන්නත්  මාත්‍රාව ලබා ගත් පසු අදාල කාඩ් පත්‍රය ලියා දීම සඳහා  මද වේලාවක් එහි සිටින ලෙස   ඇයට දැනුම් දී ඇති බවත් ඒ අවස්ථාවේ ඇය එන්නත ලබා දෙන වෙනත් ස්ථානයකට ගොස් පුටුවක වාඩිවී ඇති අවස්ථාවේදී මෙම දෙවැනි එන්නත ලබාදී ඇතැයි වාර්තා වන බවත්  ජයසුමන මහතා  ප්‍රකාශ කළේය.

මෙය පළමු වරට වාර්තා වූ සිද්ධියක් හෙයින් ඇය රෝහල්ගත කර  ඇගේ තත්වය නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරන බව කී  මහාචාර්යවරයා   දෙවැනි එන්නත ලබා ගැනීමෙන් ඇයට අවදානමක් ඇති වේ යැයි විශ්වාස නොකරන බවද  සඳහන් කළේය .

එන්නත් ගන්නා අය වගේම එන්නත්  දෙන අයත්  කල්පනාකාරී විය යුතු බවද මේ සිද්ධියෙන් ලබා දෙන පාඩමද එයම බවත් ඔහු පැවසුවේය .

එන්නත්  දෙක නොව  දහයක්  ලබාගත්තත්  අමුතු රැකවරණයක්  නොලැබෙන බවද ප්‍රතිදේහ නිර්මාණයවීමට යම් කිසි කාලයක් ගතවන බවද  චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ‍ය.

එන්නත්කරණය  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ කීර්තිනාමයක් අත් කරගෙන සිටින බව පැවසු  හෙතෙම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමටද  රටේ කිසියම් වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

සිනොපාර්ම්  එන්නත අනුමත කරන අවස්ථාවේදීද යම්කිසි ප්‍රශ්න මතු වූ බවත් ඒ වැඩපිළිවෙළ ප්‍රමාද කළ බවත් රාජ්‍ය ඇමැතිවරයා  පැවසුවේය.

මොඩර්නා  එන්නත සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍යන්හි  වැරැදි  ප්‍රචාර දියත් වන බවත්  යක්ෂයාගේ සංඝටකය එහි තිබේ යැයි සමහරුන් ප්‍රකාශ කරන බවත් ඔහු කියා සිටියේය .

එය වැරදි බවත් එවැනි විෂ කාරක සංඝටක මොඩර්නා එන්නතේ නොමැති බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය .

ලෝකයේ රටවල් 59 ක මොඩර්නා  එන්නත පාවිච්චි කරන බවද ඇමරිකා එක්සත් ජනපදය පමණක් කෝටි 13කට එම එන්නත ලබාදී ඇති බවත්  හෙතෙම කීවේය .

මේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය .


 



අදහස් (6)

‘එන්නත් දෙකම ගැනීමෙන් අවදානමක් නෑ‘

Pani Piyasa Thursday, 22 July 2021 12:57 PM

එතකොට ඔය මහාචාර්ය දුර්චාර්ය තුමාගේ පැණිය?

:       0       0

siri Thursday, 22 July 2021 03:53 PM

මේ කතාව ඇහුවාට පස්සේ අර උඩහ පළාතේ හකුරු නිෂ්පාදනය කළ කෙනෙක් මිනිස්සු වැඩි වැඩියෙන් හකුරු ඉල්ලන්න පටන් ගත්තට පස්සේ "රිස්ස යන්න මිටියට බෑ තුන තුන තියලා බැඳපන්" කියලා කිව්ව සිද්ධිය මතක් වෙනවා.

:       0       1

ලක්සිත ප්‍රසංය Thursday, 22 July 2021 04:59 PM

මෙහේ දෙකක් එක සැරේ දෙන්නේ නැහැ. පෙරළුණු පිට හොඳයි කියනවා....

:       0       1

Sarasi Thursday, 22 July 2021 07:59 PM

අනේ මන්දා..! අපි දෙවන මාත්‍රාව දින 05 කට පෙර විදගන්න ගියාම තව කල් තියෙන නිසා දෙන්න බෑ කිව්වා... වැරදීමක් කියලා...

:       0       1

pradeepa Thursday, 22 July 2021 07:59 PM

වියත් මගේ බුද්ධිමතා ඔරුව පෙරළුණු පිට හොඳයි කියනවා...

:       0       1

ලක්සිරි පැරිසිය Thursday, 22 July 2021 11:52 PM

නියම කොරොනා දන්න මැතිතුමෙක්... මට වඳින්න සිතෙනවා. අනේ දන්න දෙයක් කතා කරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1671 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site