IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘‘එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා එන්නත් මුල් කාලයේදී ලබාගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල ලොකු ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් මර්දන එන්නත ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ එම දත්ත සෞඛ්‍ය අංශ ලබා දිය යුතු බවත් මේ තත්වය යටතේ එන්නත්කරණ දත්ත එකතු කිරීමට ගුවන් හමුදා සාමාජිකයන් යොදවා ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

සමහර දත්තවල අඩුපාඩු මෙන්ම අපැහැදිලි තැන් පවතින බවද ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කළේය.

මේ දත්ත ගැටලුව පවතින්නේ පළමුවෙන් ලබාදුන් එන්නත් මිලියනයට අදාළව යැයි පැවසූ ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා එම දත්ත ප්‍රමාණය පළමුවෙන් නිරවුල් කරගත යුතුව තිබෙන බවද පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද කීය.

"යුද හමුදාව පළවෙනි දවසේ ඉඳලම දත්ත පරිගණක ගත කරලා එකතු කරගත්තා. නමුත් සෞඛ්‍ය අංශවල අපි දැක්කා පොත්පත්වල ලියාගෙන යන ක්‍රමවේදයක් . ඒ හින්දා ගුවන් හමුදාව ඒ මුල්ම එන්නත්කරණ දත්ත එකතු කරන්න අපි යෙදෙව්වා. විවිධ තැන්වලදි ගුවන් හමුදාවට ප්‍රශ්න ආවා. ඒ විස්තර දුන්නැති තැන් තිබුණා.

කවුද ගන්න කිව්වේ කියලා අහලා තිබුණා. දත්ත දෙන්න බෑ කියලා තිබුණා. "

"මේ වනවිටත් ලක්ෂ 3ක විතර දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරන්න තියෙනවා. සෞඛ්‍ය අංශවලින් තමයි ඒ ටික එන්න තියෙන්නේ. පළවෙනි එන්නත් මිලියනයේ තමයි ඔය ගැටලුව තියෙන්නේ. සමහර දත්තවල අඩුපාඩු තියෙනවා. අපහැදිලි තැන් තියෙනවා. දැන් ඉස්සරහට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව පන් ලක්ෂ හැට හය දහසකට විතර දෙන්න තියෙනවා. ඒ වෙද්දි ඒ අය එළියට එනවනේ. ඒ අවස්ථාව වෙද්දි මේ තත්ත්වය සමථයකට පත්වෙයි කියලා අපි හිතනවා."

 



අදහස් (5)

‘‘එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ‘‘

කනිෂ්ක Thursday, 15 July 2021 06:36 AM

ඇතැම් තැන්වල අකුරු ඇහිඳ ඇහිඳ ලියන රෝහල් සේවිකාවන් විසිනුයි තොරතුරු පොත්වල සටහන් කලේ... බොහෝ ඒවා නිවැරැදි නැතුව ඇති. ඒ ගැන පුදුම වෙන්නටද දෙයක් නැත... ඔවුන්ගේ ප්‍රමාදයත් එක් හේතුවක් පෝලිම් මෙතරම් දික් වන්නට...

:       0       0

gamunu Thursday, 15 July 2021 07:03 AM

ලංකාවට එන්නත් ලබාගැනීමට පෙර මේ සඳහා ක්‍රමවේදයක් සකස් නොකිරීමේ ප්‍රතිඵල පෙනෙන්නට ඇත. නමුත් යුද්ධය සඳහා මෙහෙයුම් සැලසුම් කළ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පවසද්දී සෞඛ්‍ය උපදේශකයින් නිහඬව සිටියදී රට තුළ සෑම පැත්තකින්ම අර්බුදයකට මැදිව ඇති බවක් පෙනෙන්නට තිබේ..

:       0       0

mihira Thursday, 15 July 2021 08:40 AM

ඒ කියන්නේ ඒකත් ෆේල් කියලනේ..

:       0       0

ඇත්ත Thursday, 15 July 2021 08:48 AM

ආණ්ඩු ගැත්තෙක් නොවුණත් ඇත්ත දන්න අය දන්නවා මේ රටේ ක්‍රමවත්ව වැඩ කිරීමේ පුරුද්ද ඇති එකම රාජ්‍ය ආයතන පද්ධතිය ත්‍රිවිධ හමුදාව පමණයි කියලා. අනෙක් ආයතනවල කිහිප දෙනෙක් සේවයට ලැදි වුණාට බහුතරය ජනතාව රස්තියාදු කරමින් අක්‍රමවත් බවින් පිරිලා.

:       0       0

රට වැසියා Thursday, 15 July 2021 10:30 AM

අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ දෙවල් ගැන පුදුම විය යුතු නැ! - තොරතුරු නොමැති වීම මහ බැංකුවේ පවා සිදුවන දෙයක්! - ගැටලුව වෙන්නේ මේ වගේ වැඩක් කරන විට මේ ආකාරයේ තොරතුරු නිසි ලෙස සටහන් වීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site