
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි .
එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බවද ඔහු සඳහන් කළේය .
ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85 ක ආරක්ෂාවක් සැලසුණද අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58 ක ආරක්ෂාවක් පමණකැයිද එම පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත .
කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් සැර කොරෝනා වයිරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවද ජීවන්දර මහතා සඳහන් කළේය.
මෙරට භාවිතා කෙරෙන එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයද මේ දිනවල පරීක්ෂණයක් පවත්වයි.එහි අවසන් වාර්තාව නුදුරේදීම නිකුත්වීමට නියමිතය .
COMMENTS
එතකොට ලංකාවේ හැමතැනම ගහන චීන එන්නත් පරීක්ෂණයට අරන් නැත්ද? නැත්නම් ඒවා ගැන කියලා වැඩක් නැතිද?
මෙන්න මේ වගේ විද්‍යාත්මක පරීක්ෂණ මත තීරණ ගන්නවා නම් රටේ අනාගතේ කොරෝනාවලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ලේසියෙන්ම...
අපේ උදවිය ඉතින් වෙන අය සොයාගත් එන්නත් වල ගුණ අගුණ කියන්නට හරි සමත්. නමුත්, අපිට අවශ්‍ය එන්නතක් නම් නිෂ්පාදනය කර ගන්නට බැහැ.
අස්ට්‍රාසෙනිකා එකෙන් 58% නම්, චීනාගේ ජරා, හොර එන්නතට ඇපත් නැතිව ඇති නේද? මහත්තයෝ..?
මුලින්ම ෆයිසර් එන්නත ගෙන්නලා අපේ රටේ ජනතාවට ලබා දුන්නා නම්, මේ වසංගතයට මීට හොඳින් අපට මුහුණ දෙන්නට ඉඩ තිබුණා. ඒත්, ඒ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවිට වාසුදේව නානායක්කාර මහතා එයට තදින්ම විරුද්ධ වුණා වගේ මතකයි. සමහර දෙනා පටු වාසියට ඒ අදහස අනුමත කළා. ඒත්, ඒකෙන් හානිය වුණේ මේ රටේ ජනතාවට. ධම්මික පැණි හා මුට්ටි පූජා පස්සේ ගියා. අන්තිමට ඒ අනුහසින්දෝ කොහෙද.. පවිත්‍රා නෝනාත් ලෙඩේ හදාගෙනමයි නතර වුණේ.
පහුගිය දවසක ජාතික පුවත් පතක තිබුණා පොළොන්නරුවේ වී මෝලක වැඩකළ ඉන්දියානු කම්කරුවන් පිරිසකට ඩෙල්ටා රෝගය අාසාදනය වී තිබූ බව... කවුද මේ ඉන්දියානු කම්කරුවන් ගෙන්නන්නේ? හැම වතාවකදීම සිද්ධ වුනේ බොහෝ වෙහෙසී රෝගය පාලනය කළත් ඊළඟට කවුරුහරි ලෙඩ තියෙන විදෙශිකයන් මෙහෙ ගෙන්නාගෙන ආයෙත් වසංගතේ බෝ කරන එක නේද? මෙහෙම මේක කරන්න පුළුවන්ද?
අනුන් හදන දෙයක ගුණ අගුණ කියන්න නම් අපේ අය දක්ෂයි. අලුත් දෙයක් ලෝකයට දායාද කරන්න කිසි අදහසක් නෑ. වෙන රටවල ආචාර්ය මහාචාර්ය උදවිය නිතරම උත්සාහ කරන්නේ ලෝකයට නව නිපැයුම් එක් කරන්න. හැබැයි අපේ අය හදන්නේ එක්කෝ පාර්ලිමේන්තු යන්න... නැත්නම් දේශපාලන පක්ෂයකට කඩේ ගිහින් කීයක්ම හරි හොයාගන්න. ඇත්තටම අපි ලෝකයට බරක් වුණු ජාතියක්...
රටක ජනතාවට වෛරසයක් සෑදී තිබෙන අවස්ථාවක පාලකයන් අවංකව කටයුතු කළයුතු බව සිතන්න.
තිස්ස විතාරණ වැනි උගතුන් කල යුත්තේ දේදේශපාලනය අතහැර මේ රටට සේවය කිරීම යි .ඔහුව පිලිගන්න මුලු ලෝලෝකයම බලා ඉන්නවා
අනුන් හදපු බෙහෙත්වල ඇදකුද හොයන්න නම් මහාචාර්යවරු එමටයි. බෙහෙතක් හොයාගන්න එක්කෙනෙක්වත් නැහැ.
ඔබ සේවය කරන වෛද්‍ය පීඨය තිබෙන ශ්‍රී ලංකාවේ දැනට 5%ක් වත් එන්නත් කරණයට ලක්ව නැහැ. එන්නත් ලබාගත්ත පුද්ගලයින් පිළිබඳව පැහැදිලි දත්ත ඇත්තෙත් නැහැ. තත්වය එහෙම තියෙද්දී ඔබතුමා කොහොමද එන්නත් පිළිබඳව ගුණ අගුණ කියන්නේ...!!!
එන්නත් මගින් කරන්නේ මාරාන්තික බව අඩු කිරීම යැයි දැන් නිගමනය කර තිබෙනවා. මෙතුමාගේ වාර්තාව විද්‍යාත්මකව අසම්පූර්ණයි. පරිශීලන මූලාශ්‍ර දක්වා නැහැ. දෙවැන්න විවිධ මාදිලිවල තීව්‍රතා විවිධ එන්නත් සඳහා බලපාන ආකාරය පැහැදිලි කළ යුතුයි. එනම් මුළුමනින්ම නිශේදනය වනවාද? තීව්‍රතාවය අඩුවනවාද යන්න. එය වැදගත්.... නැතිනම් ජනතාව විවිධ නිගමනවලට එළඹෙනවා..