
(සුජිත් හේවාජුලිගේ )
ෆයිසර්,ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය
මෙම වයිරස ප්‍රභේදය ගැන අද මුළු ලෝකයම අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය .
මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පෙන්වා දුන්නේය.
මේ අතර විවාහ උත්සව හා අවමංගල්‍ය උත්වලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළහොත් කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය.
COMMENTS
එන්නත යනු මිථ්‍යාවක්... අපි ඔක්කොම ඒ බැව් දන්නවා.
දැන් රට ඇරලා මිනිස්සු ඉන්නේ හරියට කෝරිනා කියලා එකක් තිබුණද කියලා හිතාගන්න බැරි විදිහට..ඒ මදිවට ආණ්ඩුව හොයලා බලන්නේ නෑ කිසි දෙයක්...බස් පොල් පටවලා වගේ යනවා, ඉස්පිරිතාල වල පොලීම්, කඩවල් වල පිරිලා මිනිස්සු.නිකන් නමට විතරයි නීති...ඒ ප්‍රභේදේ ආවොත් ඉතින් ආපහු අර වහපු වාට්ටු අරින්න වෙයි..ළමයිත් අමාරුවේ වැටෙයි..කරන්න තියෙන්නේ රටේ ක්‍රියාත්මක සෞඛ්‍ය නීතිය නමට නැතුව ක්‍රියාවෙන් හරියට කරන එක, කරන පී.සී.ආර් වැඩි කරන එක සහ පිටරට ඉඳන් එන හැම කෙනාම හරි විදිහට පරීක්ෂා කරන එක..
ඉතින් ඔයා ඔය "ඊනියා මහාචාර්ය පට්ටම " තියාගෙන බොරුවට ජනප්‍රිය වෙන්න මාධ්‍ය ඉස්සරහ තප්පුලන්නේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරවන්න කියලා ඔය සියල්ල දත් මහා උන්දැට කියන්න.. මොකද බයිලා කියලා වැඩක් නැහැ.. පොඩි හරි බුරුලක් දුන්නාම මිනිස්සු දුවන්නේ ගාල කඩාගත්ත හරක් වගේ මල ගෙවල්, මගුල් ගෙවල් හොයාගෙන යන්නේ...!!! පහුගියකාලේ වුනෙත්, දැන් වෙන්නෙත්, ඉස්සරහට වෙන්න තියෙන්නෙත් ඒකම තමයි.. මේක යන්තම් හරි පාලනය කරලා තියෙන්නේ ඒ වගේ නීති වලින් ඒවා කරලා තියෙන්නේ කොන්ද පණතියන, පුරුෂ ශක්තියක් තියන, බුද්ධිමත් නායකයින් ඉන්න රටවල් මිසක් මම ඇවිත් ඉන්නේ අහවල් එක කරන්න මිසක් මේක කොරන්න නෙවෙයි..., මේක යුද්ධයක් නෙවෙයි. යුද්ධයක් තිබුණානම් කරන හැටි මම දන්නවා.. (එ්කත් කරේ කව්ද කියලා ජනතාව දැන් දන්නවා නොවැ) වගේ කතා කියන කට්ටිය ඉන්න රටවල් නෙවෙයි. ප:ලි මොනවා හරි නොදන්නා දෙයක් තියනවා නම් මහාචාර්ය නලින්ද සිල්වා වියතා දැන් ලංකාවේ නෙවෙයි.. අහලා බලන්න නැත්නම් නාථ දෙවියන් ගෙන් අහලා බලන්න)
ඇමැති මොනවා කියනවද මන්දා... පෙරේදා වෙඩින් එකටට ගියා. 50 යි කිව්වට 200ක් වගේ හෝල් එකේ. වැඩේ හරියන්නේ නෑ. මේ අය එක්ක සෙට් වුණොත් බඩුම තමයි. ගෙනිච්ච ගිෆ්ට් එක දුන්නා... පොඩි ට්‍රික් එකක් දාලා ඉමර්ජන්සි කෝල් එකක් ගෙන්න ගත්තා. ෂේප්... ආවා.
තේරුමක් නැති එන්නත්...
අවදානය කොච්චරද කියනවා නම් ඔය කියන ප්‍රභේදය ලංකාවට එනකම් දැනගන්න ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවේ ගන්න තීරන ඇමැතිවරුන් නොදන්න රටක රට්ටු ඔය කියන කතා විශ්වාස කරන්න තරම් මොන්ගල් නෑ තාම...
අනේ අපේ මහජනතාවට නම් කියලා වැඩක් නෑ.අරන ගෙවල් වලට කොපමන කීවත් සෙනග එන එක නවත්වන්නේ නෑ. අවවාද දෙන අයට කරන බැනුම් ගැන කියලා වැඩක් නෑ. අවසානයේ මරණ ගෙදර මගුල් ගෙයක් වෙලයි ඉවර වෙන්නේ.
අපිනම් දැනගෙන හිටියා. මෙයාලා ඉන්නේ අඩ නින්දේ.