
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (11) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත්කරණ කටයුතු සිදුකෙරුණු අතර එන්නත් ලබාගැනීම සඳහා ජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබිණි.
එන්නත් ලබාදෙන ස්ථානවල දිගු පෝලිම්වල ජනතාව එන්නත් ලබාගැනීමට බලා සිටිනු දක්නට තිබිණි.
කොටිකාවත්ත එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)



කඩුවෙල එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)






මාලිගාවත්ත එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)




රිජ්වේ ළමා රෝහලේ දී එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)


මාලිගාවත් පොලිසිය ඉදිරිපිට (ශාන්ත රත්නායක)



බණ්ඩාරගම කිදෙල්පිටිය ශ්‍රී සාරාලංකාර ප්‍රාථමික විද්‍යාල එන්නත් කරණය කරන අයුරු (බිමල් ශ්‍යාමන් ජයසිංහ)



වෑල්ලවත්ත සිතුමින ප්‍රජා ශාලාවේදි එන්නත් කරනය සිදු කරන අයුරු . (ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)




දෙහිවල ජයසින්හ ශාලාවේදි එන්නත් කරනය සිදු කරන අයුරු . (ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)



නුගේගොඩ විජේරාම ජයවර්දනපුර විශ්ව විදාලය ආසන්නයේ පිහිටි පොල්වත්ත විහාරයේදි එන්නත් කරනය සිදු කරන අයුරු .(ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)



COMMENTS
මොකක්ද ඔය එන්නත් කරන ක්‍රමවේදය? එකත් පොරකාලා ඇඟේ පතේ හයිය පෙන්වලා කරගන්න ඕනා දෙයක්ද? එන්නත් කරනවා කියලා රටට පම්පෝරි ගහන ක්‍රමයක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ. සමහරවිට මේ පොරකමින් පෝලිම් වල ඉන්න මෝඩයින් දන්නේ නැතිව ඇති එන්නත් දෙකම ලබා ගත්තත් කොරෝනා රෝගය වැළඳීමේ ප්‍රවනතාවයක් ඇති බව. අඥාන හිඟන ජාතිය ලෝකෙටම විහිළුවක්?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැ නේද
මේ වනවිට රට වැසීම කළයුතු බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කලත් එය කළයුතුව තිබුනේ මාර්තු අග හෝ අප්‍රේල් මුල් සති දෙක තුළ වේ. මේ වනවිට කොරෝනා වෛරසය රට පුරා පාලනයකින් තොරව පැතිරී ගොස් ඇත. ආසියාවේ ප්‍රධානව ඉන්දියාවේ කොරෝනා වෛරසය පැතිරයාම නිවැරදිම සිදුවන රටකි. ඉන්දියාවේ ජනගහනය සහ ජීවන රටාව ඉතාම කණගාටුදායක තත්වයක පවතින නිසා වෛරස් පැතිර යාම ඉතාම ඉක්මණින් සිදුවේ. මේ පිළිබඳව ලංකාවේ බලධාරීන් නිසි අවධානය යොමු කර තිබ්බේනම් ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ ගුවන් ගමන් නවතා දැමීම පළමුව කළයුතුව තිබිණි. දෙවනුව, පළමු සහ දෙවන වෛරස රැල්ල වේගයෙන් පැතිරුණු අවදානම් ප්‍රදේශ දැඩි සංචරණ සිමා පනවා එම ප්‍රදේශවල සිටින්නා වූ 40 සියලු දෙනාහට එන්නත් ලබාදීම වේ. මේ වනවිට මාස 18ක සිට පැතිර යන්නා වූ කොරෝනා වෛරසය සඳහා චීනයෙන් හෝ බටහිර රටකින් පළමු එන්නත ලබාගැනීමට කටයුතු කළයුතුව තිබිණි. මේ සඳහා ජපානය හෝ දකුණු කොරියාව වැනි යුරෝපීය මිතුරු රටක් මැදිහත්කරුවකු වශයෙන් යොදා ගත්තේනම් අඩුම වශයෙන් පළමු එන්නත මිලියන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට අවස්ථාව තිබිණි...
එමෙන්ම ලංකාව තුළ එම එන්නත් නිපදවීම පිළිබඳව සොයා බැලීමට බොහෝ කල් තිබිණි. බොහෝ වැදගත් සහ අත්‍යාවශ්‍යයෙන් කළයුතු සියල්ල පසෙක දමා දේශපාලකයන් සහ බටහිර වෛද්‍යවරුන් පැණිය ඉදිරියට ගෙන ආවේය. ලංකාවේ " team sri lanka " හැඟීමක් කිසිවකුට නැත. ලෝකයේ කිසිම රටක දක්නට නොමැති ඉතාම ඛේදනීය සහ නින්දිත ආකාරයට රජයේ වෛද්‍ය සංගමය සහ අනෙක් සමහර සෞඛ්‍ය බලධාරීන් අර්බුදයට විසඳුම් වෙනුවට ඔවුනොවුනට චෝදනා කර ගනිමින් සිටියි. රට තුළ ඉදිරියේදී මතුවීමට තිබෙන්නා වූ ඛේදනීය තත්වයට මුලිකවම වගකිව යුතු වන්නේ මිලියන 22ක ජනතාවක් වෙනුවෙන් තීන්දු ගන්න අතළොස්සක් වන රජයේ ප්‍රධානීන් සහ සෞඛ්‍ය බලධාරීන් වේ. මෙම තීන්දු ගන්න පුද්ගලයින් මේ වනවිට එන්නත් ලබාගෙන ඇත. කෙසේ වෙතත් පෙනෙන සතුරා යුද්ධයකින් විනාශ කළ හැකි වුවත් නොපෙනෙන" airborne diseases " පරාජය කළහැකි වන්නේ සෞඛ්‍ය උපදෙස් මත පමණක් බව බලධාරීන් විශ්වාස නොකරන්නට ඇත. රජයේ නොහැකියාව, නොදැනුවත්කම සහ රජය සෞඛ්‍ය උපදේශකයින්ගේ උපදෙස් පිළිනොපැදීම මෙයට මූලික හේතුව වේ. සියල්ල දේශපාලනීකරණය /මිලිටරිකරණය වූ රටක මෙයට වඩා යමක් සිදුවේය කියා රටේ ජනතාවට බලාපොරොත්තු තැබිය නොහැකියි.
අපේ රටේ මිනිස්සුන්ටත් ඉන්දියාවේ වගේ පොඩි ලෙඩක් තියෙනවා මේ වගේ අවස්තාවකදී තමන් ඉන්නේ කොහෙද කියන එක අමතක වීම තමන්ගේ ඉස්සරහ සහ පිටිපස්සේ ඉන්න දෙන්නා කොරෝනා ආසාධිතයන් විය හැකියි කියලා මත් වෙන්නේ නෑ. මීටරය අමතක වෙලා පෝලිමේ තෙරපෙනවා. බැංකුවකට ගියත් එහෙමයි. බස් පෝලිමේ හිටියත් එහෙමයි pcr කරන්න ගියත් එහෙමයි. කොටින්ම කිව්වොත් චැනල් එකක් දාලා දෙස්තර කෙනෙකුට පෙන්නන්න ගියත් අංක 1,2,3, වගේ මුල අංක කතාකරනකල් වාඩිවෙලා ඉන්නවා ඊට පිටුපස අංක දොර ළඟට ඇවිත් හිටගෙන ඉන්නවා. මේක අපේ මිනිස්සුන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. මේව කවුරුවත් හදන එක නෙමේ කරන්න ඕනෑ.. තමන්ම හදාගන්න ඕනෑ ලැජ්ජා වියයුතු පුරුදු...
නියමිත දුරස්ථ භාවය පවත්වාගන්න මේ බලධාරීන් අසමත් බව පෙනේ. ගුවන් තොටුපළේ, බස් නැවතුම් පළේද තත්වය මෙයයි. අපට අවශ්‍ය නිලධාරීන් සහ සම්පත් අවශ්‍ය පමණට ඇත. නමුත් මේවා ක්‍රියාත්මක කරන්න බලධාරින්ට අවශ්‍ය නැත.