(සුජිත් හේවාජුලිගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සහිරා ජාතික පාසලේ පැවැති කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට "ටෝකන් " ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය.
මේ අවස්ථාවේදී එහි පැමිණි පුත්තලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තත්වය පාලනය කර මන්ත්‍රීවරයා එම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.
එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට මන්ත්‍රීවරයා ලබාදී ඇත්තේ පුත්තලම ජුම්මා දේවස්ථානයෙන් නිකුත් කළ ටෝකන් පත්‍රයක් බවත් මන්ත්‍රීවරයා එය සුළු පිරිසකට බෙදද්දී එහි පැමිණි කණ්ඩායමක් එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කර එන්නත්කරණ මධ්‍යස්ථානය අසල කලබලකාරී ලෙස හැසිරී ඇත.
සිද්ධිය පාලනය කිරීමට පොලීසියට මැදිහත් වීමට සිදු වූයේ මේ අවස්ථාවේදීය.
මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සෞඛ්‍ය අංශ ,යුද හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් කරන හෙයින් ටෝකන් වැඩපිළිවෙළින් අවුලක් විය හැකි බව මෙහිදී මන්ත්‍රීවරයාට කරුණු පෙන්වා දී ඇති පුත්තලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්.ඒ වන්නිආරච්චි මහතා ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
රට වසා තිබූ අවස්ථාවක විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට අවසර පත් ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද මෙම මන්ත්‍රීවරයාට මෙයට පෙර චෝදනා එල්ල වූ බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ටෝකන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ දිස්ත්‍රික් ලේකම්වරයාගේද අනුමැතිය ඇතිව බවයි.
එම ටෝකන් පත් ලබා දුන්නේ ප්‍රමුඛත්වය ලබාදී එන්නත් ලබාදීම සඳහා නොව ජනතාව එකවර එක් රොක් වීම වැලැක්වීමේ පියවරක් ලෙස එන්නත් ගැනීම සඳහා වේලාවන් වෙන් කිරීම සඳහා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
මේ අය කවදාවත්ම පාඩම් ඉගෙනගන්නේ නැහැ.
මේ මිනිස්සු අවුරුදු ගණන් පුරුදු වෙච්ච විදිහ තමයි මේ.
හිතා ගන්න පුලුවන් නෙ. කියන්න අවශ්‍ය නෑ.
මොන පක්ෂය වුනත් මෙවන් අය එලවා පන්නා දැමිය යුතුය...
පක්ෂය කුමක් වුවත් මේවගෙ අයට දෙන එක දිය යුතුයි අමතක නොවෙන්නට..... දෙන්නට බැරි නම් එවැනිම සංග්‍රහයක්....... නැවතත් හැසිරෙයි නේද අවණිතව හැම තැනම...
මෙයා රිෂාඩ් අංක 2 වෙන්න උත්සාහ කරන්නේ . ඒවා ට නම් සූදානම් වෙන්න එපා.
අපරාදෙ පොලිසිය මැදිහත් වුණේ... මිනිස්සු වටවෙලා නෙලන කල් ඉන්න තිබුණේ...
බලධාරීන්ට මොනවා වෙලාද? ඡන්දහිමි නාමලේඛනයට මේක දුනනනම් පිළිවෙලයි නේද?
තවම අපේ මහදැන මුත්තා නොදන්න වා ඇති.නැත්නම් මෙලහකට නිවේදනයක් දාලා.
රටේ මොනයම් වැඩක් කරගැනීමට දැන ඇඳුනුම් කමක් අවශ්‍ය යයි කියා ජනතාව සිතන තාක් මේ වගේ සහ දෙහිවල ඇතිවූ වැනි සිද්ධින් දිගටම සිදුවේ. මෙවැනි ක්‍රියා ජනතාව පිළිකුලෙන් විරෝධය පා ප්‍රතික්ෂේප කිරීමෙන් එවැනි ක්‍රියා ක්‍රමයෙන් අඩුවී ජනතා නියෝජිතයින්ද, සමාජයද, බහුතර ජනයාද නිවැරදි මාවතට අවතීරණවීම ඉක්මන් වේ. ජනතාව වංචාවට රුකුලක් දෙන තාක් මෙම නියෝජිතයන්ගේ අකටයුතුකම් සෑම රජයකදීම අඩු නැතිව අපට දක්නට ලැබෙනු ඇත....