( තිළිණි ද සිල්වා)
විදේශ ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළදීම අවම මිල ගණන් යටතේ පී.සී.ආර් පරික්ෂණ කර ගැනීමට අවස්ථාව සැලසීමට රජය පියවර ගන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාපරාජ්‍ය ඇමැති ඩී.වී චානක මහතා ඊයේ (16) පැවසීය.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොලේ පිහිටි පරික්ෂණාගාරය තුළින් රජයේ අනුමත අවම මිල ගණන් යටතේ පී.සී.ආර් පරික්ෂණ සිදුකර ගැනීමෙන් පසු එහි ප්‍රතිඵල අනුව සිය නිවෙස්වල යෑමට හැකියාව ලැබෙන බව ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පරික්ෂණාගාරය තුළින් පැයකට පී.සී.ආර් පරික්ෂණ පන්සියයක් පමණ කළ හැකි බවත්, පැය තුනක් ඇතුළත එහි ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව උදාවන බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
පරික්ෂණය සිදුකර ගැනීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තෙක් එම පිරිස් හට රැදී සිටීමට අවශ්‍ය සියලූම පහසුකම් කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ සකස් කිරීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 5 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එතෙර සිට මෙතෙර එන ලාංකිකයන්ට ගුවන්තොටේදීම පී.සී.ආර්
Nihal Thursday, 16 September 2021 05:23 PM
කියනවා වගේම කෙරෙනවානම්...
පිටිගල මිලානෝ Thursday, 16 September 2021 05:24 PM
පැය තුනක් ඕක ඇතුලේ ඉන්නකොට ඔක්කොටෝම කොරෝනා බෝවෙයි. නෙගටිව් ටෙස්ට් එකත් එක්ක ගෙදර ගිහිල්ලා රටටම බෝ කරයි.
de silva Thursday, 16 September 2021 05:26 PM
කරුණාකරලා පී.සී.ආර් ගන්න මුදල රුපියල් වලින් ප්‍රසිද්ධ කරන්න.
mihira Thursday, 16 September 2021 05:45 PM
වැඩේ කියනවා වගේම උනොත් හොඳයි .අනික කවද වෙනකම් කරයිද කියලත් සැකයි . මොනා හරි බොරුවක් ගොතලා ලාංකිකයෝ හෝටල්වලට යවනවා .මෙයාලා බොරුව දැන්ම මෙලහට ගොතලා ඇති
fairoos Thursday, 16 September 2021 05:50 PM
දැන් හරි රටවිරුවන් මතක්වීම සතුටුයි .පැය 3 ක් ගුවන්තොටෙහි ඉන්න කියන්නේ තවත් පොකුරක් හදනන්ද ?
රමණී Thursday, 16 September 2021 06:34 PM
පිටිගල කියලා තිබෙන දේ ඇත්තක් තියෙනවා. සාධාරණ මුදලකට දවසක් හෝ දෙකක් ඉඳලා යන්න හෝටල් පහසුකම් කැමති අයටවත් දෙනාවනම් හොඳයි. අපි ගිය අවුරුද්දේ ආවාම හොඳ තැනකට දැම්මා නමුත් තනි පුද්ගලයෙකුට 12500 ගානේ දවසට ගෙවන්න වුනා. ඊට වඩා ටිකක් අඩුවෙන් දෙන්න පුළුවන් නම් හොඳයි. අනික පැය තුනක් ඇතුලේ පි සි ආර් ප්‍රතිඵල දෙන්න තදබදයක් ආවොත් ඔය පරීක්ෂණ වල ගුණාත්මක බවත් අඩුවෙන්න පුළුවන් නේද. ගසා කන අයගෙන් අපිව ආරක්ෂා කරනවා වගේම රටේ ඇතුලේ ඉන්න අයත් ආරක්ෂා වෙන විදිහේ දෙයක් කරන්න පුළුවන් නම් තමයි හොඳම.
de silva Thursday, 16 September 2021 06:54 PM
රමණි මොන විකාරයක්ද ?එන්නත් 2 දීලා නම් ,ලංකාවට එන්න පැය 72 ඇතුලත පී.සී.ආර් කරලා නම් ,ගුවන්තොටුපලේදීත් පී.සී.ආර් කරනවා නම් ,නැවත නිරෝධාන හෝටල් කුමකටද ?
රමණීThursday, 16 September 2021 09:48 PM
මම කිව්වේ පිටිගල මිලානෝ ලියලා තිබුණු එකට ප්‍රතිචාරයක්. ගුවන් තොටුපළ ඇතුලේ පැය ගානක් එක කිට්ටුව ඉන්නකොට කාට හරි ලෙඩේ තිබුණොත් අනික් අයට පැතිරෙන්න පුළුවන් කියලා තිබුණු එකට අදහසක්. අනික් අතට, එන්නත් ගැහුවා කියලත් පැය ගානකට කලින් පී.සී.ආර් කරලා ඔක්කොම හරි කියලා දෙන සහතික 100% හරිද. ඊට අමතරව, පී.සී.ආර් එක ප්ලේන් එකට නගින්න පැය 72 කලින් කරාට එතන ඉඳලා ප්ලේන් එකෙන් බහින මොහොත දක්වාම කොතැන හරි විෂබීජ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ප්ලේන් එකට නගින රටේ අන්තිම කොනේදි එහෙම වුණොත් ලෙඩේ පී.සී.ආර් එකට ලංකාවට ඇවිත් කටුනායක එයපෝට් එකේදි පී.සී.ආර් කරාට අහු නොවෙන්න පුලුවන් ලෙඩේ පිට දාන කාලසීමාව ඇවිත් නැත්නම්. ඔන්න ඕකයි මම කියන්නේ නැතුව විකාරයක් නෙවෙයි.
කිරි පුතා Thursday, 16 September 2021 07:00 PM
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වගට පිළිගත් සහතිකයක් ඉදිරිපත් කරන අයට පමණක් මෙම පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු නිවසට යා හැකි වගට යාවත්කාලීන විය යුතුයි
rata viruwa Thursday, 16 September 2021 08:42 PM
විනෝද වෙන්න එන සුද්දන්ගෙන් කැමතිනම් ඩොලර් 40 ගැනේ අය කරගන්න.
Sriland Friday, 17 September 2021 02:44 AM
මොකක්ද මේ කරන බොරු වැඩේ.