IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එතෙර සිට එන අයට අලුත් නීතියක්

 (සුජිත් හේවාජුලිගේ )

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට අලුත් නිරෝධායන රෙගුලාසි ලබන මාසයේ සිට හඳුන්වා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත .

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වෙළඳ නාවිකයන් ,වෙළඳ නාවිකයන් ,ද්විත්ව පුරවැසියන් සංචාරකයන් සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයන්ට අදාළව මෙම නව නිරෝධායන රෙගුලාසි ලබන ජුනි මස පළවෙනිදා සිට ජුලි මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

මේ යටතේ එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් සියළු දෙනා පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇත.

ඉන්පසු දින 11ත් 14ත් අතර කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව බවට තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේදී අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරෙනු ඇත.

කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් අතරමැදි රෝහලකට ඇතුළත් කෙරේ.

මේ අතර පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇත.එහිදී ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධික්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිවාඩු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනෙණු ඇත .

දින දාහතරකට පසු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායන‍යෙන් මුදා හැරේ.

අනුමත රාජතාන්ත්‍රික විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමත කරන ලද නිරෝධායන නිවස්නයකට හෝ හෝටලය‍යකට යොමු කෙරෙනු ඇත.

එහිදී ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර කාලයේදී දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දිය යුතු වන අතර ඉන් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් දින දාහතර අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරෙනු ඇත .

මේ අතර එන්නත්කරණයෙන් තොරව මෙරටට පැමිණෙන සියලුම විදේශිකයන් පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරෙන බවත් එහි ප්‍රතිඵලය අනුව ආසාදිතයකු බවට තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කරනු ලැබේ.

ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14‍ත් අතර දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කෙරේ .

එහිදීද ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරෙනු ඇත.

 



අදහස් (5)

එතෙර සිට එන අයට අලුත් නීතියක්

kahawita Monday, 28 June 2021 10:23 AM

පොඩි අයට තමා නීති සේරම

:       0       0

SL Tourism Monday, 28 June 2021 03:31 PM

එන්නත්කරණය ලද විදේශිකයින් සහ සංචාරකයින් සඳහා නීති පැහැදිලි නැත. ඔවුන්ගේ පැමිණීම නෙමේද වැඩිපුර ආකර්ෂණය කල යුත්තේ පහසුවෙන් සහ ආරක්ෂිතව සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය නම්.

:       0       8

sharm warnMonday, 28 June 2021 04:03 PM

ඔයාට තෙරෙන්නැ මේක ලංකාව

:       0       2

නිරොශිකා සුභාෂිණි රාජපක්ෂ Monday, 28 June 2021 06:17 PM

එන්නත් දෙකම අරන් එන අය pcr පරික්ෂණය කීරීමත් ප්‍රතිඵල එනතුරු ගුවන්තොටුපලේ හෝ යම් කිසි ස්ථානයක රඳවා තැබීම සුදුසුයි අනිවාර්යයෙන් හොටෙල් සඳහා යොමු නොකර...

:       0       1

hesa Wednesday, 30 June 2021 02:29 PM

අනේක නම් වලින් මේ වසංගතය පැතිරෙනවලු.. ඡීවිතක්ෂයට පත්වන සෑම කෙනෙක්ම කොරෝනා රෝගියකු ලෙසද ගණනය වන්නේ..? එතැනදී ප්‍රහේළිකාවක් වගේ දැනෙනවා.. කාරුණිකව පැහැදිලි කරන්න පුළුවන්ද..? ස්තුතියි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site