
(ඉන්දිකා රාමනායක)
ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීම මත මෙම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා කියා සිටියේය
එම පරීක්ෂණයෙන් පසු අදාල වාර්තා ඉදිරි දින වල ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙද්ද තමයි. පරීක්ෂණ සේරම ප්ලෑන් කරලා කරන පරීක්ෂණ...
ඔය දෙන්නගේ නම් එළි කරන්න. අපිටත් ඒක වැදගත්...
ඔක්කොම වුණාට පස්සේ තමයි පරික්ෂණ කරන්න මතක් වෙලා තියෙන්නේ? දූෂිත ආණ්ඩුව ඇතුළේ ඉන්න නම්දරාපු දේශපාලුවන් එතනෝල් කාරයින්, කුඩු මුදලාලිලා රකින නිසා, ඒවා රට පුරාම පැතිරිලා. නවත්වන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..
"පසුගිය අවුරුදු දෙකක කාලය ඇතුළත අපට කරන්න බැරිවුණු දේ සේරම අපි ලබන අවුරුදු තුන ඇතුළේ කරනවා අපේ හාමුදුරුවනේ" ඒවාට උදව් කාරයින් අවශ්‍ය වෙනවනේ. ඉතින් කාටද අමාරු?
අර පැන්ඩෝරා පේපර්ස් විමර්ශන වාර්තාවට මොකද උනේ?මේවා ෂෝ විතරයි
කොන්ද පන නැති රජයක්.නම කියන්න බැරි ඇයි දේශපාලකයාගේ
ඔතනින් එන ගොඩක් අය ඉතින් ඔහොම අය තමා නොවැ....දැන් ඉතිං පරික්ෂණ කලයි කියල මේ ගොල්ලො අස් කරයි යෑ මේන් කියල....මං කියනනෙ ඉතිං ඔය බුද්ධි අංශ කියල අරවයැයි මේවයැයි තියෙන්නෙ....ඕවලින් හොයාගන්න බැරුවයි ඔය ගොල්ලො එන්නැත් කලියැං...
එහෙම වෙලා තියෙනවා, එය වරදක් ලෙස සලකනවා නම් කරන්න තියෙන්නෙ ඇමතියා සහ මංතීවරයා අදාල පක්ෂවලින් නෙරපා හැරීමයි.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශනයක් ආරම්භ කිරීමට සභාපතිවරයාට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් අවශ්‍යද?
එතනෝල් කාරයන්ට රජයේ උසස් තනතුරක් ලැබෙන්න පුලුවන්ද
හා හා ඔය බොරුවට පරීක්ෂණයක් පවත්වන්නේ .අන්තිමට පරීක්ෂණය කල එකා ගස්.වැරදි කරුවන් නිදොස් කොට නිදහස්
ගුරාලා හිටගෙන කරනකොට, ගෝලයෝ දුව දුව කරනවා..
අපේ ජනපති තුමාට මොකක් හරි වාර්තාවක් දුන්නනම් ඉතින් ආයේ මොනවද පටස් ගාල ආලෝකයේ වේහය ත් පරදල ක්‍රියාමාර්ග ගන්නවා විතරක් නෙමි අදාල පාර්ශව එල්ලනවා ෂුවර් .මතකනේ ගෑස් ප්‍රශ්නේ දී අර එතුමාගේ කොමිටි වාර්තාව ආපු හැටියේම කරපුදේ. රට බේරාගත් විරුවත් එක්ක සෙල්ලම් බැහැ කියල කව්රුත් දැනගත්තනම් ඇගට ගුණයි
දැන් එතකොට ගෝඨාභය සෑර් කිව්ව හින්දාද පරීක්ෂණ වෙන්නේ. වැරැද්දක් වුණාම එවෙලෙම නීතිමය ක්‍රියාමාර්ග අරන් ඉවර කරල දඬුවම් දෙන්නේ පොඩි මිනිහට විතරද? මිනිහෙක්ව ආයතන ප්‍රධානියා වගේ තනතුරකට පත් කරනකොටම රාජකාරියට අදාල උපදෙස් පත්‍රිකාවක් දෙනවා. ඒකේ තියෙනවද සෑර් කිව්වොත් විතරක් ප්‍රභූන්ට අදාල පරීක්ෂණ කරන්න කියල. ඔය වගේ ගොන් කතා කියන්න ලැජ්ජ නැද්ද නැත්නම් මොලේ නැද්ද?. හරි නම් ඔය කතාව කිව්ව එකා ගැන වෙනම පරීක්ෂණයක් කරල තනතුරෙන් පහකරල දාන්න ඕන.
ඕකෙන් කොහොමත් යන්නේ ප්‍රභූ ලේබල් ගහ ගත්තු ජාවාරම් කාරයෝ තමයි.හරිනම් රටට ආදායමක් උපයලා දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ව ඔය හරහා ගෙන්වන්නයි ඕන.
මෙවන් දේශපාලකයින් නිසා තමයි මත්ද්‍රව්‍ය ගෙන ඒම නවත්වන්න බැරි
මේ කියන්නෙ ප්‍රභූ පර්‍යන්තය තියෙන්නෙ එතනෝල් කාරයින්ට කුඩුකාරයින්ට වරෙන්තු කාරයින්ට ගැටලුවක් නැතුව යන්න එන්න තියෙන මාර්ගයක් කියලා හිතෙන්නේ නැද්ද
ගොඩක් දේවල් වෙන්නෙ ඔය පර් යන්තයෙන් තමයි. විස්කි බ්‍රැන්ඩි ඕනතරම් ඕක හරහා එලියට පන්නනවා. ගුවන්තොටුපල වැනි වටිනා තැනක් මහල්ලන් රැලකට පාලනය කරන්න දුන්නාම ඕක තමා වෙන්නේ.
අපි ඔය බයිලා හැමදාම අහනවා ,පුලුවන්නම් ඔය කියන මන්ත්‍රීවරු දෙන්නාගේ මන්ත්‍රී කම් අහෝසි කරලා පෙන්නන්න
සියළුම දේවල් පරීක්ෂණ විතරයි පස්සේ ඔක්කොම යට යනවා
අපේ අප්පච්චි කියනවා ලෝකේ හැම රටකම ඕවා වෙනවා කියලා
ඇමතියා කවුද කියලා නම් අපි දන්නවා .බලමුකෝ නීතිය ක්‍රියාත්මක වන හැටි
වාර්තාව කවදාවත් එලියට එන්නෙ නැහැ. පැන්ඩෝරා වලට මොකද උනේ.
එතනෝල් කාරයො දියවන්නාවෙ ඉන්න බැවින් එතනෝල් ජාවාරම් කරුවන් රැකගැනීම ඔවුන්ගේ වගකීමයි. එය පුදුමයට කරුණක් නොවෙයි…! ජනාධිපති මේගැන ගනුලබන පියවර කුමක්දැයි අපි සෙවිල්ෙලන් ඉමු.
එතනෝල් , කුඩු ජාවාරම් කාරයින්.කියන්නේ ඔය ප්‍රධාන පක්ෂ දෙකේම මැති ඇමති ගොල්ලන්ගෙ ළඟම හිතවතුන්නෙ.
මුළු රටටම ප්‍රතිඵල අනුමාන කළ නොහැකි බැවින් කොමිෂන් සභා පත්කිරීමේ තේරුමක් නැත. අනිවාර්යෙන්ම ඔහු S.L වල ඉන්න එතනෝල් ලෝඩ්ලාට සම්බන්ධ වෙන්න ඕනේ.ලොක්කට කියන්ඩ බබා වෙන්නේ නැතිව අදාළ පුද්ගලයාට කතා කරලා කියන්න කියලා . හොට්‍ර් සමග හෙලුවෙන්
එකත් බලමුකෝ මන්ත්‍රී වරායට එරෙහිව ගන්න තීරණය
මේකත් ගරු රඟපෑමක්ද ?
එම වාර්තාව ජනාධිපතිට පමණක් නොවේ, රටටම හැලි කලයුතුයි.
පාස්කු පරීක්ෂණය කරපු යාමද මේකත් කරන්නේ ?
බුද්ධි අංශ දන්නේ නැද්ද කවුද මේ කියන ඇමති සහ මන්ත්‍රී කියලා?
ඔව් .. ප්‍රභූ ඇතුල්වීම හොරුන්ට සහ ඩීල් කාරයින්ටයි, ඔවුන් එය භාවිතා කරන ප්‍රශ්නය කුමක්ද ... කවුද ගණන් ගන්නේ ..
මේ කරන්නේ නාඩගමක්..මේ සිද්ධිය රටට එලිවෙච්ච නිසා දැන් ජාමේ බේරගන්න පොඩි රඟ පෑමක් කරන්නේ..අපි නොදන්න චෙස්..මෙයාලට අහු උන කාලේ ඉවරයි
මිනිසුන් නිකමට කියනවා නොවෙයිනේ දියවනාව පට්ටියේ ඉන්නේ හොර, තක්කඩි,සටකපට මන්දබුද්ධිකයෝ 226ක් කියල....
"පසුගිය අවුරුදු දෙකක කාලය ඇතුලත අපට කරගන්න බැරිඋන දේ සේරම අපි ලබන අවුරුදු තුන ඇතුලේ කරගන්නවා අපේ හාන්දුරුවනේ"
අපිට කැමිලස්ගේ ගජමෑන්ව මතක් වෙනවා...
මේ කියන්නේ විමර්ශනය ආරම්භ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්න නිසා. දැනුම් දුන්නේ නැත්නම් මුකුත් නැහැ. එතකොට මේ රටේ හැම දේකටම කව්රුහරි "අතිගරු" කෙනෙක් කිව්වේ නැත්නම් කිසි පරීක්ෂණයක් නැහැ. මේක තමයි දැන් රටේ රාජ්‍ය සේවය. මේ විමර්ශනයෙන් කවරෙකුට හෝ දඬුවමක් ලැබෙයි කියා හිතන්න බැහැ . මට මතකයි ජනාධිපතිතුමා පත් වූ මුල් කාලයේම ගුවන් තොටුපොළේ ප්‍රභු පර්යන්තය පාවිච්චි කරන අයගෙන් ර 5000ක් (මට මතක පරිදි) අය කරන්න නියෝග කළා. ටික දවසකින් එක මතක නැහැ.
අදාල ඇමතිවරයාගේ නම කියන්න කොන්ද පන තියන එකෙක් තොපේ ඔය මුතු ඇටයේ නැද්ද
එතනෝල් නම් අපේ ජෝන්ස්ටා තමයි ඉතින්...
අයියෝ ඕක මොකක්ද? ලංකාවේ එතනෝල් කාරයින්, මුදලාලිලා තව කොතෙකුත් එනවා ඇති ඔය කියන පර්යන්ත වලින්. හරි රෙකෝර්ඩ් එකක් නැති එකයි ප්‍රශ්නේ...
අනේ මුන්ගේ විහිලු.මිනීමරුවෝ නිදහස් කරපු මිනිහෙක්ට ඔය වාර්තා දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ?