IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විනය කැඩූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස් බී නාවින්න, අශෝක් ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමගේ මහත්වරුන් මෙලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බවට වන ලිපි අදාළ මන්ත්‍රීවරුන් පස්දෙනා වෙත අද ලියාපදිංචි තැපෑලෙන් යැවූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.



අදහස් (4)

එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට

Bamunuarachchi Tuesday, 24 September 2019 01:51 PM

එතකොට සජිත් කියන පුද්ගලයා එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා නැද්ද? එයත් සිරිසේන සමග එකතුවෙලා පෞද්ගලිකව හරි ජනාධිපති තරඟෙට එනවා කීවනේ... දැනටමත් පක්ෂ නායකත්වයට විරුද්ධව වැඩකරනවානේ...

:       0       0

sena Tuesday, 24 September 2019 01:52 PM

අර වෙන්ඩ අපේක්ෂකතුමාට මොකුත් නැද්ද?

:       0       0

jagath Tuesday, 24 September 2019 01:53 PM

දැන් ඉතින් ඔය නඩේ පොහොට්ටු වන්දනාව තමයි..

:       0       0

CHANDIMA Tuesday, 24 September 2019 05:05 PM

ඔය අර අවබෝධතාවයට ආණ්ඩුවට මුක්කු ගහන්න ඇවිත් කාලේ ඉවර වුණාම අපහු උන්නු තැන්වලටම ගිය කට්ටියනේ නේද? කලින් අර රාජපක්ෂ ආණ්ඩුවටත් ඔයපැත්තෙන් කට්ටියක් ඇවිත් අවුරුදු තුනෙන් අාපහු ආවේ. මිනිස්සුන්ට ඒ ආපසු එන එක නොතේරෙන්න ඔයවගේ සද්දයක් දාන්නම ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 9 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site