IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘එජාපෙ රජයකින් රට සෑම අංශයකින් නඟා සිටුවනවා’


 
 
(නිමල කොඩිතුවක්කු)

          
කඩා වැටුණු ආර්ථිකය, සංවර්ධනය නගා සිටුවමින්  එක්සත් ජාතික පෙරමුණු රජයක් තුළින් සෑම අංශයකින්ම රට නගා සිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


එක්සත් ජාතික පෙරමුණු රජයේ ඉදිරි වැඩපිළිවෙළ මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරමින්  රටේ සියලූ ජනතාවගේ ගැටලූ විසඳීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවද මහලේකම්වරයා සඳහන් කළේය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්මහතා මෙසේ ද කීවේය.

‘‘යුක්තියේ සටන ජයග‍්‍රහණයේ සැමරුම අපි 17 වැනි දා සඳුදා සමරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය  වෙනුවෙන් ආරම්භ කළ මේ සටන අපි ජයග‍්‍රහණය කළා. මේ ජයග‍්‍රහණය එක්සත් ජාතික පක්ෂයේ  ජයග‍්‍රහණය නෙමෙයි. මේ ජයග‍්‍රහණය රටේ ජනතාවගේ ජයග‍්‍රහණයයි.


පසුගිය මාස එකමහාර දෙක කාළය තුළ අරලියගහ මන්දිරයේ රැඳී සිටිමින් අපි මේ සටන ගෙනගියා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන රටේ සියලූම ජනතාව අපි සමග ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගත්තා.


අපි මේ සටන ආරම්භ කරද්දී අපි දැනගෙන හිටියේ නැහැ මේ සටන කොහෙන් අවසන් වෙයිද කියලා.  නමුත් අපි අවසානයේදී මේ සටන ජයග‍්‍රහණය කළා.  පක්ෂ පාට බේදයකින් තොරව සියලූම දෙනාට අපි ආරාධනා කරනවා මෙම ජයග‍්‍රහණය සමරන්න එන්න කියලා.


අපි ඇතිකරපු ස්වාධින අධිකරණ පද්ධතිය නිසා අපිට පුලූවන් වුනා  සාධාරනය ඉටුකර ගන්න. අපිට පුලූවන් වුනා ආන්ඩුක‍්‍රම ව්‍යවස්තාව ආරක්ෂා කරගනිමින්  ජනතාවගේ අයිතිය දිනා ගන්න.
මේ ජයග‍්‍රහණය වෙනුවෙන් සමාජ ජාලා, මාධ්‍ය අපිට කිසිදු වාසියක් ප‍්‍රයෝජනයක් නොගෙන අපිට උදව් කළා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා  වශයෙන් ඒ සියලූම දෙනාට අපේ ස්තූතිය පළ කරනවා.


දැන් අලියා ඉස්සරහට ඇවිත් තියෙනවා. අද අපි ශක්තිමත් මට්ටමක ඉන්නවා. අපේ සංවිධානාත්මක  ජාලය සක‍්‍රීයව ක‍්‍රියාත්මක වෙනවා. 


පහුගිය වසර තුනහමාරක කාලය තුළ අපි මාධ්‍යයට විශාල නිදහසක් ලබා දුන්නා.  අතීතයේ වගේ මාධ්‍ය ආයතන ගිනි තියන්න, මාධ්‍යවේදින්ට සුදුවෑන් යවන්න අපි කටයුතු කලේ නැහැ. සමහර විට මාධ්‍යයෙන්  වැඩියෙන්ම විවේචනය වුනේ ආණ්ඩුවේ අපියි.



අදහස් (0)

‘එජාපෙ රජයකින් රට සෑම අංශයකින් නඟා සිටුවනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site