
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහාපක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මොනරාගල හා අම්පාර දිස්ත්‍රික වල සිව් දින සංචාරයක නිරත වෙයි.
රුවන් විජයවර්ධන මහතා අද(19) බඩල්කුඹුර, මොණරාගල සහ සියඹලාන්ඩුව ප්‍රදේශ වලට ගොස් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් හමුවීමට නියමිතය.
රුවන් විජයවර්ධන මහතා හෙට (20) දෙහිඅත්තකණ්ඩියේ දී ගොව් හමුවකට ද රාජ්‍ය සේවක සහ ව්‍යාපාරික හමුවකටද, පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකටද,කාන්තා හමුවකට ද සහභාගී වීමට නියමිතය.
නොවැම්බර් 21 වැනිදා රුවන් විජයවර්ධන මහතා දීඝවාපී රජ රජමහා විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව සම්මන්තුරෙයි පක්ෂ ක්‍රියාකාරී හමුවකටද, කාර්තිව් ධීවර ප්‍රජාව හමුවකටද,අඩ්ඩාලච්චේන සහ අම්පාරේ දී පක්ෂ ක්‍රියාකාරී හමු වලට ද සහභාගී වීමට නියමිතව ඇත.
මෙි අතර එජාප නියෝජ්‍ය නායකයා ඊයේ (18) තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් හමුවකටද, වැල්ලවාය සහ කතරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් හමුවකටද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd