






එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 73 වන නිදහස් දින උත්සවය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී අද(04) පැවැත්විණි.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික කොඩිය එසැවූහ. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජයවර්ධන මහතා ඩී.එස්.සේනානායක පිළිරුවට මල් දම් පැළඳවූ අතර, අනතුරුව, රුවන් විජයවර්ධන මහතා උත්සව සභාව ඇමතීය.
මෙම අවස්ථාවට මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, වජිර අබේවර්ධන, සමන් රත්නප්‍රිය ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කළ මේ රැළ දැක්කාම පුදුම කේන්තියක් යන්නේ...
ඒක ඔබේ ප්‍රථම රාජකාරියයි...
නන්දසේනලාට පාර හදලා දුන්නේ රනිල්... අපිත් පුදුම පවක් කරලා තියෙන්නේ...
ලංකාවට නිදහස ලබාගැනීමට මූලික වූ ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු නායකයන්ගේ අරමුණ වූයේ සියලු ජාතීන්ට සමාන නිදහසක් ලබාදීම වන්නට ඇත.
විශාල පිරිසක් සහභාගි විය.
රට විනාශ කරන හොරු...