IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය කල්යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.

සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම පෙත්සම ගොනු කර ඇත.

එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම සහ එම්.බී.සී නෙට්වර්ක් පෞද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මළල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන හා එස්.තුරේරාජ යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

දෙපාර්ශ්වය ඇති කරගත් එකඟතාවය යටතේ වගඋත්තරකාර නාගරික මන්ත්‍රීවරයා විවෘත අධිකරණය හමුවේදී පෙත්සම්කාර සමාගම වෙත සිය කණගාටුව පළ කර එම පෙත්සම සමතයටකට පත්කර ගැනීමට අද (10) නියමිතව තිබිණි.

කෙසේ නමුත් අද පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරු ඇතුළු පිරිස එම පෙත්සම්කාර සමාගම ඉදිරියේ එලෙස රතිඤ්ඤා පුපුරුවා හරිමින් උද්ඝෝෂණ පැවැත්වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් අනුව බවට කොන්දේසියක් එම වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරයා ඉදිරිපත් කළ අතර ඊට පෙත්සම්කරුවන් එකඟ නොවීම මත වැඩිදුර විභාගය සඳහා දින නියම කිරීමට අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව පෙත්සමේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 18 වැනි දිනට කල් තබන ලදී.

ගොනු කර ඇත් පෙත්සමේ මෙසේද සඳහන් වේ.

2018 අපේ‍්‍රල් 4 වැනිදා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එවකට විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ වගඋත්තරකාර නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ මෙහෙයවීමෙන් පැමිණි පිරසක් සිරස මාධ්‍ය ජාල ප‍්‍රධාන සංකීර්ණය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විණි.

එම පිරිස එහි රාජකාරි කටයුතු කළ නිලධාරීන් බාධාවන අන්දමින් හා මාධ්‍ය නිදහසට බාධා වන අන්දමින් රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සිදු කළහ.ඒ වනවිට අසල පොලිස් නිලධාරීන් පිරිස් රාජකාරී කටයුතු වන නිරතව සිටියහ.

එලෙස බාධා කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා පෙත්සමින් ඉල්ලා තිබිණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ යසස් ද සිල්වා මහතා පෙනී සිටියහ.

 



අදහස් (0)

එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site