IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


එජාප - ජවිපෙ විධායක ජනපති ක්‍රමය ගැන ප්‍රතිපත්තිමය එකඟතාවයක්

(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය එකඟතාවයකට  පැමිණ තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමට අදාළ ක‍්‍රියාමාර්ග එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප‍්‍රකාශයට පත්කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පාර්ලිමේන්තුවේ පිහිටි අග‍්‍රාමාතය කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජිත හේරත්, නලින්ද ජයතිස්ස සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්  එක්ව සිටියහ.



අදහස් (13)

එජාප - ජවිපෙ විධායක ජනපති ක්‍රමය ගැන ප්‍රතිපත්තිමය එකඟතාවයක්

Chris Friday, 22 March 2019 11:50 AM

ජනතා විමුක්ති පෙරමුණේ සැබෑව එජාපය සමග සිටගැනීමෙන් ඔප්පුකර තිබේ. මේ ව්‍යවස්ථා කලබලය ලාංකික ජනතාවගේ ප්‍රශංසාවලට විසඳුමක් නොව, රට උලා කන්නටත් සැදිපැහැදී ඉන්න දේශපාලන සුනඛයන්ගේ වුවමනාවක් පමණි..

:       1238       2693

කැකිරාFriday, 22 March 2019 12:54 PM

සාකච්ඡා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්... ඒ වගේම මානව ගුණාංගයක් ඉන් දෙපාර්ශවය එකම මතයේ ක්‍රියාකාරීන් බව ගම්‍ය නොවේ. අනික රට උලා නොකෑවේ මොන දේශපාලකයද?

:       576       407

කැකිරාSaturday, 23 March 2019 04:15 AM

සාකච්ඡා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිස්කමේ ලක්ෂණයක් ලෙස මවිසින් කරන ලද ප්‍රකාශයට dislike පිරිනමා ඇති ප්‍රමාණයෙන්ම මේ රටට මේ සිදුවී ඇති පරිහානිය වගකිය යුත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාව සුපැහැදිලි ය

:       33       257

Sanath KandyFriday, 22 March 2019 05:09 PM

ජවිපෙ මහින්ද එක්ක සාකච්ඡා කරද්දී සද්ද නැතිව හිටපු බයියෝ දැන් මෙතන උඩ පැන පැන නටයි. ජවිපෙ රතු අලි ගැන කිය කියා. එජාප නෙවෙයි කවුරු එක්ක හරි කමක් නෑ මේ විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි...

:       2379       555

Hafeel Friday, 22 March 2019 01:23 PM

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව කියනවා නං... එ්ක අගමැතිගේ සුපුරුදු පරිදි කල් මැරීමක්. නමුත් උත්සාහය අත්හරින්න එපා. රනිල්ටත් දිනන්න බැරි නිසා, එකඟ වෙන්නත් පුළුවන්.

:       1       181

Hama Friday, 22 March 2019 01:28 PM

ජවිපෙ සහ එජාපය එකඟතාවයට පැමිණ ගොඩක් කල්, වර්තමන ජවිපෙ- එජාපය එක පෙරමුණක් අනුර-විජිත-රනිල්-මලික් ඩීල් ගහලා ගොඩක් කල්...

:       506       1127

smn Friday, 22 March 2019 01:29 PM

එතකොට මහින්ද මහත්තයලත් එක්ක ඇතිවුණේ මොන එකඟතාවක්ද?

:       32       129

Raveendra Friday, 22 March 2019 01:49 PM

රතු මල්ලිලා හැංගිමුත්තන් කරමින් උන්නානේ... සොයා බැලුකල වෙස් නැටුමට පුහුණු වෙලානේ.. නොදන්නේද නටන්න වෙන්නේ හැංගි නොවේනේ... දෙනවා දෙනවමයි ගල්මුල් අමතක වෙන්නමනේ..

:       475       541

Janahitha Friday, 22 March 2019 02:14 PM

මොවුන්ට ලැජ්ජා නහරය උප්පත්තියෙන්ම පිහිටලා නැහැ වගෙයි...

:       213       151

sirimal Friday, 22 March 2019 02:32 PM

"රතු අලි කියන්නේ කට කහනවටයැ " කියලා කවුදෝ කියනවා ඇහුණා. විහිලුවට වෙන්න ඇති.

:       222       275

ROHAN Friday, 22 March 2019 05:56 PM

මහින්ද එක්ක ගියොත් කොටියත් දේශප්‍රේමික් කරන මල්පොහොට්ටු කාරයෝ ඇත්ත පැත්තක...

:       379       479

Priyantha jayasekara Saturday, 23 March 2019 05:16 AM

ජවිපෙ දේශපාලනය තේරුම් ගැනීමට හොඳ අවස්තාවක්. ජවිපෙ ඇත්ත සමාජවාදී පක්ෂයක් නම් පළමුව රටේ සියලුම වාමාංශික පක්ෂ, සංවිදාන සමග සාකච්චා කර යම් එකඟතාවයන්ට පැමිණ එහිදී රටට අවශ්‍ය හොඳම තීරණය ඒ මොහොතේ ගතයුතුය. නමුත් වර්තමාන ජවිපෙ පළමුව මේ රට විනාශ ප්‍රධාන ධනපති පක්ෂ සමග එකඟතාවන්ට පැමිණීමෙන් පෙනී යන්නේ ජවිපෙ යනු තවත් එවැනිම සුළු ධනපති පක්ෂයක් බව නේද

:       33       405

rocky Sunday, 24 March 2019 02:54 AM

අද මේ රටෙහි දේශපාලන ක්ෂේත්‍රයේ බලාපොරොත්තු තැබිය හැක්කේ ජ.වී.පෙ.ගැන පමණයි!

:       142       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site