(සමන් පාලිත නානායක්කාර )

ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) පොහොට්ටුවේ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ  පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොවුන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට  නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය කියයි.