(සමන් පාලිත නානායක්කාර )
ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) පොහොට්ටුවේ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොවුන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
ලංකාවේ මෝඩ දේශපාලන නියාය නම් තම විශ්වාස මතය අනුන් පිට බලෙන් පටවන වැඩපිළිවෙලකි. අනුවණ මිනිසුන්... මේ නිසා ගැටුම් ඇතිකර ගනී.
අනුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් ගහමරාගන්න නීච බත්බැලයින් ඉන්නතුරු මේ රට හැමදාමත් වලපල්ලේ තමයි.
තාම මේ වහල්ලු ඉන්නවද?
රනිල් සිරිලියට එන්න ඕනේ නැහැ කියා රහස් පොලිස් කණ්ඩායමක් ගෙදරට යැව්වා. අනේ අපේ වහල්ලු මරා ගන්නවා.
සම්පූර්ණ වගකීම බලධාරීන්ගේ වැරැද්ද නිසාමයි. නියම ක්‍රමය නම්, වේදිකා රැස්වීම, පිකටින්, පෝස්ටර්, ආධාර වැනි දේවල් නවතා, ඔවුන්ට තමන්ගේ වැඩ පිළිවෙල සහ ක්‍රියා පිළිවෙත් පිළිබඳව රූපවාහිනී තුළින් පැයක කාලයකදී, ඡන්දයකට යාම රටේ නම්බුවත්, ආරක්ෂාවත්, වියදමත් නවතින බව ඔවුන්ගේ නොදැනුවත්කමයි. අද ලංකාවේ දේශපාලනය සහ කැසිනෝ දෙකේ වෙනසක් නැත...
කොහෙවත් ඉන්න එකාලා වෙනුවෙන් ඇණකොටා ගන්න මෝඩ මිනිස්සු... මේ වගේ වහල්ලු ඉන්නකම් මේ රටට වගතුවක් වෙයිද?