
(යොහාන් භාසුර)
කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය.
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් මෙම නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහභාගි විය.
සැපයුම් අවශ්‍යතා සඳහා පැමිණී මෙම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය.
එම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් මැතිව් සයික්ස් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා යන මහත්වරු අතර හමුවක් ද පැවැත්වුණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd