
(දිලීප් ජයසේකර)
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගීවිම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03) විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණියේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට 44 දෙනෙකු ඇතුළත් වන අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 13 දෙනෙකි. පැමිණි පිරිස මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රය තුළදීම පීසීආර් පරීක්ෂණ සදහාද යොමු කෙරුණි. පසුව පිරිස හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යනු ලැබිණ.
ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග මේ මස 14 වැනිදා සහ 22 වැනිදා
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ කෙරේ.




COMMENTS
නැව ගිලෙනවා.. ඒ වුණාට "බෑන්ඩ් චූන්" නවත්වන්නේ නැහැ. අර යුක්රේනයෙන් ගෙන්නුවා කියන අයට තරු පන්තියේ හෝටල් බලපෑම් කර අඩු මුදලට ලබාදෙනවා. තමන්ගේ මව්බිමට ආපසු එන "රටවිරුවන්" ගිනි ගණන් අයකරමින් කබල් හෝටල්වල නවත්වාගෙන අසාමාන්‍ය ගසාකෑම්වලට ලක් කරනවා. අපොයි රටකට ගිය කලක්. මදැයි ලබාගත්තු "සෞභාග්‍යය"
ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔබ සියලු දෙනා කොරෝනා ගේන්නේ නැහැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.