එක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබීය.
එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති අතර එය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබූවේ ශ්‍රී ලංකා රේගුවේ සවස ආරක්ෂක අංශයේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසිනි.
භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව රේගුව සඳහන් කරයි.
පාවිචිච් කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසයි.
කන්ටේනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේගුවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වනවිට ඉන් කන්ටේනර් 98ක් සොයා ගැනීමට හැකිවී ඇත.
මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවක් අඩංගු විය හැකි බවට දැඩි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසයි.
මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටේනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දන්වා ඇත.
ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතුවෙන් විශාල සෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
දේශපාලුවෙක් හරස් වී මෙම භයානක කුණු ගොඩ රට තුළට ගෑනීමට උත්සහා කළ හැක. උගතුන් අවදිව සිටිත්වා !!
රටට වැඩක් නැති පරදේසක්කාර අදහස් ඇති ටයිකෝට් ගහපු පඩංගු ටිකක් ලංකා දේශපාලනයේ ඉන්නවා. ඔය එක්කම ඒගොල්ලන්වත් එංගලන්තෙට යවන්න.
ගෙන්නුවේ කව්ද?
මේ රටේ තියෙන කුණු මදිවට!
දැන් නගරයේ පමණක් නොව ගම්බද පවා හැමතැනම කැලි කසල, වැව් අමුණු ගංගා ඇළ දොළ වන රක්ෂිත, කුඹුරු.විනාශ වෙමින් පවතිනවා. බීමට භුගත පිරිසිදු ජලය නෑ. ළාං නෑ. බීමට වතුර ගන්නෙත් මුදලට. පරිසර විනාශය නවත්වනව කියල යටිගිරියෙන් කියනව. ඒව නිකං සුන්දර කතා විතරයි. එහෙව් එකේ තවත් දහ ජරාව රටින් ගේනව. පාවිච්චිකරපු කිසි දෙයක් රටින් ගේන්න නරකයි. මුන්ට සල්ලි තිබුණොත් ඇති රටට හෙණ ගැහුවත් කමක් නෑ.සුන්දර රට විනාශම කරල ඉවරයි.
එංගලන්තෙනුත් කුණු ගෙනෙන්න සිංගප්පුරු ගිවිසුම වගේ එකක් නැතෙයි. අනේ අපොයි. පුදුමයි. අර කස්ටිය තවම නැටුවේ නැති එක.
බටහිර රටවල් තම කුණු ආසියාතික රටවලට ( මැලේසියාව ,ඉන්දුනීසියාව) එවන බව මෙම පුවත් පතේම පලවී තිබුනා වගේ මතකයි .? ෂුවර් එකටම අපේ කොමිස් දේශපාලුවෝ ටික පිටපස්සේ ඇති. උනුන්ට තමතමන්ගේ දෙමුපියෝ උකස් කරලා හරි කොමිස් තමා ඕනේ.
දකුණු ආණ්ඩුකාර මේ වෙනවිට රේගුවේ හිටියා නම්, වරාය වහන්න නියෝග කරාවි.
"කසළ කන්ටේනර් 50 ක් සංවර්ධිත රටවලට යවයි 2019 ජුලි මස 04 ප.ව. 02:22" ලංකාදීප .
කුණු උනත් මොකද එංගලන්තෙන්නේ. එක අතකින් අපි කුණු ගොඩට නොවැටී කුණු අපේ ඇගට දා ගත්තට කමක් නැහැනේ.
කුණු උනත් මොකද එංගලන්තෙන්නේ. එක අතකින් අපි කුණු ගොඩට නොවැටී කුණු අපේ ඇගට දා ගත්තට කමක් නැහැනේ.
කැනඩාව පිලිපිනයට කුණු ඇරියා... ඕස්ට්‍රේලියාව ඉන්දුනීසියාවට කුණු ඇරියා..... එංගලන්තය ලංකාවට කුණු ඇරියා... මේ සේරම කියන්නේ කුණු සුද්දෝ තවම ආසියාවේ අපි කලු නොදියුණු ජාතියක් කියලා හිතාගෙන..... පිලිපීනේ විතරයි කුණු සේරම හරවලා ඇරියේ...
යුරෝපයේ ඉන්න ගොඩක් අය මේ රටවල ඉවත්කරන දේවල් ලංකාවට එවනවා.
කවුන්සිලයේ කුණු ඉවත් කරන රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකුගේ ව්‍යාපාරික කටයුත්තක් වෙන්න ඇති මේ... එංගලන්තේ කුණු ගොඩෙන් වුණත් ගානක් සාක්කුවට දා ගන්න උපාය මාර්ගයක නිරතවෙන්න ඇති... නැතිව එංගලන්ත රජයට පිස්සු නැහැ... ඔවුන්ගේ අපද්‍රව්‍ය පිටරටට යවන්න. ඔවුන් එය ප්‍රතිචක්‍රීකරණය කරනවා. කුණු ගොඩක් ඔවුන්ට සම්පතක් වුණත් අපේ අයට එය ඉල්ලමක්. පිනට ලැබෙනවා නම් ඉතින්, ටිකත් ගෙදරට පටවනවා. අනේ මෙහෙමත් ගොන් තක්කඩි ජාතියක්...