
(සුජිත් හේවාජුලිගේ )
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.
එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් මුලින් ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනය මගින් අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී බලතලද එම කමිටුවට හිමිව තිබිණ.
එම තීරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ අප්‍රසාදය පළ වී තිබූ අතර තීරණයට විරෝධය පා ඔහු සිය ඇමති ධූරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා හමුවී පසුගියදා බාර දුන්නේය.
එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන තිබුණේ නැත.
ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සඳහා මුලින් ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනයේ යම් යම් අඩුපාඩු පවතින්නේ යැයි ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී පිළිගෙන තිබුණු බවද වාර්තා විය.
එම මුල් ගැසට් නිවේදනය වෙනස් කරමින් පසුගිය 6වැනිදා දාතමින් යුතුව නව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ ඉන් පසුවය.
මේ අතර මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන මහත්වරු එම කාර්ය සාධක බලකායෙන් පසුගියදා ඉවත්වී ඇතැයි වාර්තා වේ.
මේ අනුව ශ්‍රී ලංකා සමාජයේ බහුත්ව ලක්ෂණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කාර්ය සාධක බලකා සාමාජික සංයුතිය තුළ පිළිබිඹුවීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින් අළුත් සාමාජිකයෝ තිදෙනෙක් එම කාර්යය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටිති.
මෙසේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන මහත්ම මහත්මීහු වෙති.
එම සාමාජිකයන් තිදෙනා පත්කර ඇත්තේද කාර්ය සාධක බළකායේ බලතල සීමා කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය මගිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකින්, රාජපක්ෂවරු ඉන්නතාක්කල් ජාති ජාතිවත් මෙවන් රටක නොඉපදේවා... ඔයිට වඩා හොඳයි අලි සබ්‍රිට ජනාධිපතිකම දීලා ගෙදර ගියා නම්... නැතිනම් ඇමෙරිකාවටම ගිහින් පෙට්‍රල් ගහගන්න ශෙඩ් එකක...
කොහොමද සබ්‍රිගෙ බලය...? ඡන්ද ඉල්ලුවෙත් නෑ. ජාතික ලැයිස්තුවෙන් එකපාරින්ම පාර්ලිමේන්තුවේ... ජනාධිපතිත් පත්කළා අලි සබ්‍රිට එහෙනම්....
ගැසට් ගැහීමෙන් සහ ඒවා රිවර්ස් කිරීමෙන් ගිනස් වාර්තාව අලුත් කළා එහෙනම්...?
පුදුම කරුමයක් අපි විඳින්නේ... මහ පාන්දර සහ සවස ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව. A/L , O/L විභාග වලට පාඩම් කරන දරුවන්ට හරිම කරදරයි...
අහෝ..! රටකට, නීතියකට සිදුවූ දෙයක්...
ගැසට් පලකිරීම සහ අවලංගු කිරීම කලාවක් නම් සර් එහි පිකාසෝය.
නාම යෝජනාත් ප්‍රතික්ෂේප වුනා. ඒකත් පක්ෂය ඇතුලේම කුමන්ත්‍රණයක්ලු. ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයටත් රතන හාමුදුරුවන් හරස් වෙලා. දැන් මෙතනත් ගැසට් පත්‍රය රිවස්.
හමුදාවේ හිටිය කියන්නේ ඇත්ත ද? ඔය වාගේ නිවැරදි තීරණ නිසා තමයි එහෙනම් යුද්දෙ දිනුවේ.
රටක් හැටියට එක සුළු ජාතියකට කොන්ද නැමීම හෙලා දැකිය යුතුයි .තම තමන්ගේ චන්ද ගුන්දුවලට සියලු රට වැසියන් පාවා දීම කෙතරම් අවාසනාවක්ද රටකට ?
මම නම් යෝජනා කරන්නේ 2025 දී කොන්ද පන නැති රාජපක්ෂවරු එලවා දමා ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ ජනාධිපති කල යුතුයි .මේ වැටිච්ච අගාදයෙන් ගොඩ ඒමට නම් .2019 දී මුළු රටම ඉල්ලුවේ දැවැන්ත වෙනසක් කල හැකි අයෙක්
වඳ පෙති, හලාල්, කාති උසාවි, වඳ කොත්තු, වඳ ඇඳුම් වැනි දේවල් වලින් වැඩිම මනාපයෙන් V8 සම්මානයෙන් පිදුම් ලද, ප්‍රධාන චරිතය හා සහෝදර සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන, එක රටක්, එක නීතියක් චිත්‍රපටිය දැන් සියලුම සිනමාහල් තුල නැරඹිය හැක.
අස්වෙනවා කියල කීවා විතරයි රිවර්ස් කළා. එහෙම නොකර කොහොමද පිනට නඩු කතාකරලා ඒවායේ අල ගිය, මුල ගිය තැන් සේරම අහ ගත්තනේ. කතුරට පුවක් ගෙඩිය හොඳටම අහුවෙලයි තියෙන්නේ...
අනාගැනීමට සම සම්මානයක් දුන්නොත්..., ඒ මෙතුමාට..!
ජාතිවාදය අවුස්සලා බලයේ ඉන්න දඟලන අය. පැටිකිරිය නොදන්නා අය තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ....
කුණු ගොඩෙන් කුණුගඳ හමනවා මිසක්, දවසක්, පැයක්, මිනිත්තුවක් හෝ සුවඳක් හැමූබව අසා තිබේද 69 ලක්ෂයිනේ. "එක උණ්ඩෙට එක සතුරයි'' අසා ඇති මුත්, දැන් දැන්, එක උණ්ඩෙට එක ගොවියයි, එක ගුරයි, එක උද්ඝෝෂණකරුවයි නමින් වෙනස් කරගන්නට සිදුවේ දැයි බියෙන් වෙවුලමින් සිටින්නට කාලය එළඹෙමින් තිබේ. අහෝ දෙවියනේ! අපිට වුණු විපතක්, රටට ගිය කලක්...
රටක් විදියට රිවස් යන්නෙත් මේ වගේ පාලකයින් නිසයි...
අද නම් පිස්සු රටක් වෙලා...
අපේ හාමුදුරුවනේ, ඝෝඨාභයට ඕන එකක් කරගන්න කියාලා ඔය මගුලෙන් අයින් වෙන්න. මට පෙනෙන්නේ වැඩිකල් යන්න කලින් ඒ ගොල්ලෝ කපා ගනීවි. අලි සබ්රි රටට නැතුව බැරි කෙනෙක්ද? මම කීවා හරි නේද? රට හම්බකරණය වෙලා ඉවරයි. සිංහල මිනිහාට මේ ගැන අවබෝධ කරන්න. වඩුගයා යටතේ සිටි සිංහලයා... මුස්ලිම් අය යටතේ වුණත් ඉඳියි. දැන් ඒ අතර බලවේගත් ඔලුව උස්සලා...
හැබෑටම! බලය සීමා කළාද? දැන් එතකොට පල්ලිවලට ගහන්නම බැරිද? මරක්කල කෝලාහල පටන් ගන්න බැරිද? ගැසට් එකේ එ්වා ගැන කියල තියෙනවාද?
මම හිතාගෙන හිටියේ පිස්සන් ඉන්නේ පිස්සන් කොටුවේ කියා... බැලින්නම් රට කරවන්නේ පිස්සො ටිකක්නේ... ආපසු හැරෙන්... එක තැන කැරකෙන්..