IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 969 ක්’

(විනීතා එම් ගමගේ)

ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් සිය ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් කරන ලද වියදම්වලට සාපේක්ෂව මැතිවරණය අවසන් වනවිට ඔවුන් එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් 969 ක් පමණ වනු ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.

මේ වනවිටත් ජනාධිපතිවණයේ දී එක් ඡන්ද දායකයකුට රුපියල් 625 ක් පමණ වියදම් කර ඇතැයි ගණනය කළ බව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා මෙසේ කීය.

කොළඹ 2 නිපොන් හෝටලයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක දී ගජනායක මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

අපේක්ෂකයන් මැතිවරණය වෙනුවෙන් මේ වනතෙක් වැයකර ඇති  මුදල් ගැන ගණනය කර මෙම නිරික්ෂණයට එළැඹී බවද ගජනායක මහතා පැවසීය.

අපේක්ෂකයන් වැය කර ඇති මුදල මේ වනවිට රුපියල් කෝටි 1000 ඉක්මවා ඇති බවත් එය මැතිවරණය අවසන් වනවිට රුපියල් කෝටි 1550 ක් දක්වා වැඩි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් මේ මුදල් ලැබීමේ මූලාශ‍්‍ර මොනවාද යන්න සමහර විට සදාකාලික අභිරහසක් වනු ඇතැයි කී ගජනායක මහතා මේ තත්ත්වය මැතිවරණයක දී අපේක්ෂකයන් සියලූ දෙනාට තරගය වෙනුවෙන් වූ සමබිමක් ඇති නොවන බවත් මැතිවරණ වියදම් සීමා කිරීමේ නීති ගෙන එන්නැයි නිරික්ෂණ සංවිධාන බලකරන්නේ ඒ නිසා බවත් පැවසීය.

මීට අදාළව මේ වනවිට තොතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත් 150 ක් පමණ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධව තවදුරටත් ක‍්‍රියාත්මක වන බවත් පක්ෂ උනන්දු නොවන්නේ නම් ඉදිරියේ දී පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙසින් හෝ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.



අදහස් (1)

‘එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 969 ක්’

Madhya hithawatha Wednesday, 13 November 2019 09:29 AM

අපක්ෂපාතී බව මාධ්‍ය සදාචාරයට ගොඩක් වැදගත්... මේ දවස්වල ඉර නම් පායන්නේ ගෝඨාහිර පැත්තෙන්...

:       75       163

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 333 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site