IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


එක්ස්ප්‍රස් පර්ල් නැවෙන්වූ විනාශය සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් ශ්‍රී ලංකාවේ සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදුවූ හානිය, ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවිශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දෙනු ලැබ ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකය සම්බන්ධ පරිපූරකයටද ඇතුළත් කරනු ලැබ ඇති අතර එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි දිනෙක ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට සාගර සහ සත්ත්ව ජීවිත විනාශ කරමින් විශාල ආර්ථික හානියක්ද සිදු කර ඇති හෙයින් ඒ පිළිබඳ කරුණු සලකා බැලීම මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අරමුණ බවද එම යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් ඇති වූ ආර්ථික හානියේ ප්‍රමාණය ගණනය කිරීම, එමඟින් ජීවෙනෝපාය සම්බන්ධයෙන් බලපෑම් ඇති වූ පුද්ගලයන් සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම, එලෙස පීඩාවට පත් වූ ජනතාවට ලබා දීම සඳහා මූල්‍යමය සහන සහ අනිකුත් වන්දි නිර්දේශ කිරීම සහ ව්‍යසනය හේතුවෙන් හානියට ලක්වූ සාගර හා සත්ව ජීවිත සහ සාගර පතුලේ පරිසර විනාශය ගණනය කිරීම ආදී කරුණු සලකා බලනු ඇත.

 



අදහස් (2)

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන්වූ විනාශය සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Prabha Wednesday, 28 July 2021 04:45 PM

කාවද ඔය තේරීම් කාරක සභාව පත්කරන්නේ?

:       0       0

ලලිත් එම් Wednesday, 28 July 2021 10:01 PM

ඕකට හොඳ වාසුදේවයි, රත්තරන් මල්ලියි. එක්කෙනෙක් ඩොලර් ගේන්න දන්නවා. අනිකා නැව 100%ක් රත්කරන්න දන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site