( තිළිණි ද සිල්වා)
සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය අද සිට බලපැවැත්වෙන පරිදි ලබාදී ඇති බවද එම තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මීට පෙර එරටට යෑමට අවසර හිමි වූයේ නේවාසික හා ශ්‍රමික වීසා බලපත් හිමි ලාංකිකයින්ට පමණකි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්ථානය සහ උගන්ඩාව යන රටවල පුද්ගලයින්ට ද සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර හිමිවී ඇත.
මේ අතර එතිහාඩ් ගුවන් සේවය අද දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද අබුඩාඩි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
සියලු ගුවන් මගීන් කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගමන් කිරීම අනිවාර්ය බව එතිහාඩ් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
342
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට අවසර
chandima Sunday, 22 August 2021 11:52 PM
දැන් ඉතින් සල්ලි තියෙන කට්ටියය අතේ තියෙන රුපියල් ඩොලර් වලට මාරුකරගෙන යයි.