IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට අවසර

( තිළිණි ද සිල්වා)

සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය අද සිට බලපැවැත්වෙන පරිදි ලබාදී ඇති බවද එම තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මීට පෙර එරටට යෑමට අවසර හිමි වූයේ නේවාසික හා ශ්‍රමික වීසා බලපත් හිමි ලාංකිකයින්ට පමණකි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්ථානය සහ උගන්ඩාව යන රටවල පුද්ගලයින්ට ද සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර හිමිවී ඇත.

මේ අතර එතිහාඩ් ගුවන් සේවය අද දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද අබුඩාඩි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

සියලු ගුවන් මගීන් කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගමන් කිරීම අනිවාර්ය බව එතිහාඩ් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

 



අදහස් (1)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට අවසර

chandima Sunday, 22 August 2021 11:52 PM

දැන් ඉතින් සල්ලි තියෙන කට්ටියය අතේ තියෙන රුපියල් ඩොලර් වලට මාරුකරගෙන යයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site