(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පත්කර ඇති අතර කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ ආසන්තම නායකයා වන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්ට සංචිතයේ ස්ථානය අහිමිවී වඩාත් කැපී පෙනේ. හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද සංචිතයෙන් ඉවත් කර තිබේ.
බංග්ලාදේශයට එරෙහිව මේ මස 23 වැනිදා ආරම්භ වන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියට ශ්‍රී ලංකාව කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් පළමු තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, ලක්‍ෂාන් සඳකැන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ශිරාන් ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, අසිත ප‍්‍රනාන්දු සහ අකිල ධනංජය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්
පුහුගියකාලේ ඒවා හදාගෙන ඇති බලමු
බලමු මේපාර මොකද වෙන්නේ කියලා
දිගට හරහට ෆේල් වෙන කුසලයට උප නායක කම දීම ගැන නම් ඉතාම සන්තෝෂයි...