"එක්ව සිතන්න, එක්ව හැදෙන්න" තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු "එකටසිටිමු" ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.
මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව ක්‍රියා කළයුතු බව තරයේ විශ්වාස කරමින් රට වෙනුවෙන් "එකටසිටිමු" ක්‍රියාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය තිබුණි.
"එකටසිටිමු" සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීන මෝටර් රථ ධාවන ශුරි ඩිලන්ත මාලගමුව මහතා ඇතුථ පිරිස විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
"එකටසිටිමු" ක්‍රියාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු වූයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, යුද හමුදාපතිලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ උතුරේ ඉස්කෝලවල දෙමල සිසුන්ට සිංහල උගන්වන්න කියන්න .දකුණේ සිංහල දරුවන්ට දෙමල උගන්වනවා නම් උතුරේ මොකද බැරි .
මේවා විහිළු. නිදහස ලබල අවුරුදු 71ක් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම හිටියේ එකට තමයි. කැබලි කැබලි කැඩිලා කුලල් කා ගන්නේ කව්ද කියල ලෝකෙම දන්නවා.ජන්දෙට ලෑස්ති වෙනවනම් ඒක කරගන්න. ඒත් අපිව ගොනාට අන්දන්න හදන්න එපා.
චේතනාව බොහොම හොඳයි. නමුත් එය මැතිවරණවලට එහා ගිය දේශය පිළිබඳ පුළුල් අරමුණක් සහිත වූවක් විය යුතුයි.
එකට සිටිමු හොරෙන් අගමැති පත්කරමි..... වැදිබණ
2015 වේ ජනවාරි 8 මතකද ...? එකට සිටිමු කියලා මෙයාට කියන්න දිවක් තියෙනවා ද ...?
එකට සිටිමු කියලා කියන්න මෙයා ට අයිතියක් තිබේ ද ....?
එකට හිටගමුයි කීවාට සමහරු කියන්නේ මමනම් අන් ජාතිකයන්ගේ කඩයකටවත් යන්නේ නැහැ කියලයි ..
මේවායේ ප්‍රචාරක වැඩ අර ජනපති පවුලේ ඇඩ්වටයිසින් ආයතනයට නම් දෙන්න එපා. කෝටි ගණං මුදල්නේ