IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඌව වෙල්ලස්ස සරසවියට වෛද්‍ය පීඨයක් ගන්න වැඩපිළිවෙළක්

(එෆ්.අස්ලම්)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ගෙන ඒමේ වගකීම බාර ගන්නා බවත් ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ වෛද්‍යවරුන් එම සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයින්ට අද (19) සහතිකයක් ලබාදුන්හ.

දිවයිනේ සියළුම පළාත්වලට දී ඇති ඌව පළාතට පමණක් දී නැති වෛද්‍ය පීඨය කඩින්මින් ගෙන ඒම වෙනුවෙන් මූලිකත්වය ගනිමින් කටයුතු කරන බව එහිදී වෛද්‍යවරුන් සඳහන් කළහ.

වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ගෙන ඒම ඇතුළු සරසවියේ පවතින අඩුපාඩුකම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ  වෛද්‍යවරුන්  විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රමුඛ ක්‍රියාකාරීන් අද (19) හමුවූහ.

මෙම සාකච්ඡාව සරසවියේ ශිෂ්‍ය සංගම් ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ශිෂ්‍ය සංගමේ සභාපති ප්‍රමෝද් ෆොන්සේකා සරසවියට වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ නොමැති අඩුපාඩුව ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එම අඩුපාඩු සපුරාලීම වෙනුවෙන් සියළු පාර්ශ්ව සහාය විය යුතු යැයි සඳහන් කළේය.

මෙම විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගෙන ඒමේ උත්සහායන් කිහිපයක්ම අසාර්ථක වූ බවත් නව දේශපාලන පරිවර්තනයේ සහයෙන් එම උත්සහාය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැකි උපරිමයෙන්ම මූලිකත්වය දෙමින් කටයුතු කරන බවත් එම සංගමයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම කරුණ යොමුකරන බවත් ඊට පළමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සමඟින් සාකච්ඡා කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

ඌව වෙල්ලස්ස සරසවියට වෛද්‍ය පීඨයක් ගන්න වැඩපිළිවෙළක්

මුණසිංහ Tuesday, 19 November 2019 03:11 PM

කල යුතුම වැඩක්. නව රජය යටතේ සියලු විශ්ව විද්‍යාල ප්‍රතිසංවිධානය වේ යැයි පතමු.

:       20       101

Sarath Kumara Tuesday, 19 November 2019 04:53 PM

මෙය හොඳම තීරණයක්.වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරන ප්‍රමාණය ද වැඩි කිරීමට මෙමඟින් හැකියි. තීරණය හොඳම තීරණයක්. ජය වේවා......

:       0       31

Praba Tuesday, 19 November 2019 11:35 PM

GMOA එක නව රජයේ ප්‍රභල කොටස්කරුවෙකුද?

:       3       126

නාලකWednesday, 20 November 2019 04:07 AM

"නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම කරුණ යොමුකරන බවත්" ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. දැන් හැම දෙයක්ම රාජපක්ෂ වරුන් අතර පමණි. අත්තා, මුත්තා, කිරිකිත්තා.......

:       1       77

chandima Wednesday, 20 November 2019 12:02 AM

ආයෙත් අද හෙටම වර්ජනයක් දාන්න වැඩපිළිවෙලක් වගේ.

:       49       11

sas Wednesday, 20 November 2019 03:07 AM

විශ්ව විද්‍යාල වලට කුමන පීඨ අවශ්‍ය ද යන්න තීරණය කලයුතු වන්නේ ඒ ඒ විශ්ව විද්‍යාල වල පාලන අධිකාරිය මිස GMOA එක නොවේ.

:       33       121

රවි Wednesday, 20 November 2019 03:57 AM

ලංකාවට වැදගත් වන්නේ වෛද්‍ය විද්‍යාල නොව හෙද සහ අතුරු වෛද්‍ය පීඨයි. මෙය ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සැපයීමට සමත් වනු ඇත.

:       1       109

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site