Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
(එෆ්.අස්ලම් සහ විජයරත්න රත්නායක)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියට කරන ලද තර්ජනාත්මක බැණවැදීමකට එරෙහිව ඌව පළාත් රජයේ වෛද්‍යවරු වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙති.
දෙමෝදර දිසා රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීමට යාමේදී රෝහල් බලධාරීන්ගෙන් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරියගෙන් ලද විරෝධය මත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සිය කාර්යාලයට කැඳවා බැණවැදී ඇතැයි රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ඌව පළාත් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල පළාත් මහ රෝහලේ අද (29) කැදවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
නිවාස කිහිපයකට යාම සඳහා මාර්ගයක් ඉදිකිරීමට යාමේදී දෙමෝදර දිසා රෝහල් භූමියෙන් ඉඩකඩ ගැනීමටයාමේදී මෙම ගැටළුකාරී තත්වය මතු ව තිබේ. මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ ලබාදෙන්නැයි රෝහල් හා සෞඛ්‍ය බලධාරීන්‍ට බලකරමින් ගම්වාසීන් ද විරෝධතාවක නිරත වී ඇති අතර දෙමෝදර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසටද පහර දී ඇත.
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසියටද පැමිණිලි කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්ව ගත් තීරණයට අනුව දෙමෝදර රෝහලේ රාජකාරියේ නිරත වෛද්‍යවරුන් තිදෙනාම රාජකාරියට නොයාමටද තීරණය කර ඇත.
මේ වනවිට එම රෝහලේ කිසිදු වෛද්‍යවරයෙකු රාජකාරියේ නිරතව නොසිටින බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගෙන් පොදුවේ සමාව ගතයුතු බවත් නොඑසේ නම් ඌව පළාතේ සිටින වෛද්‍යවරුන් ලබන 01 වනදා වැඩවර්ජනයක නිරතවනු ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.
සිරිබිරිස් Friday, 29 March 2019 01:17 PM
රෝහලක් හරහා මාර්ගයක් ඉදිකිරීම රෝගීන්ට කරන අසාධාරණක් බව නොදන්නා කෙනෙක් පළාතේ පාලනයට කෙසේවත් සුදුස්සෙක් නොවේ..
Reply : 68 438
JCN Friday, 29 March 2019 01:35 PM
ජනාධිපති තාත්තේ, දැන්වත් බල්ලව ගැට ගහමුද?
Reply : 1 297
Hafeel Friday, 29 March 2019 03:06 PM
ටික දවසක් ගැට ගහල තිබුණා. ඉක්මණින් ලිහිල් කළා. මෙයාව සදාකාලික ගැට ගහලා තියෙන්න ඕනෑ...
Reply : 1 197
Sriyal Friday, 29 March 2019 02:22 PM
මහ ඇමති වුණාට හරකෙක් වගේ හැසිරෙනවා. වැඩ කරන්න ඕනෑවිදිය තාම දන්නේ නෑ. තඩි බඩ ගෙඩියකුයිෙ, පොඩි ඔලුවකුයි තියෙන නිසා අැඟේ හැටියට මොලේ නෑ. රෝහලක වටිනාකම දන්නෙත් නෑ. මෙයාලා නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ.
Reply : 0 426
D,ad,kumara Friday, 29 March 2019 02:36 PM
ඇමැතිතුමා හරි....
Reply : 527 215
සෝමාවතී Friday, 29 March 2019 02:48 PM
නොදකින් මේ වගේ දේසපාලකයෝ....
Reply : 0 142
Raveendra Friday, 29 March 2019 02:56 PM
ඌවට ලොක්ක උණු මගේ නම හරකාය... කෙසඟ නිසා ලොකු මොලයක් ඇත්තේය.. මොලය ලොකු නිසා ඒ දණ්ඩේ දුවන්නේය..
Reply : 235 248
බද්රානි Friday, 29 March 2019 04:33 PM
දේශපාලකයා කළ වරදට අසරණ රෝගීන්ගෙන් පළි අරගෙන හරියනවද? රෝහල්වල අයිතිකාරයෝ, දොස්තරලා කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ? අනික පළාත් ප්‍රධාන ඇමතිට මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇති බව මොවුන් දැනගත යුතුයි. තමන්ගේ රාජකාරිය නොකර අනුන්ගේ කාර්යයන්ට අත දමන්න මේ අය කවුද? මේ තමයි මේ රටේ දොස්තර මාෆියාව...
Reply : 2280 1565
පාල Friday, 29 March 2019 06:42 PM
ගලහ රෝහලෙත් මේ වගේ දෙයක්මයි ඇති කලේ... දේශපාලකයොන්ගේ කටු කාලා ලෙඩකට බෙහෙත් ගන්න තියෙන ඉස්පිරිතාලෙටම අරින්න එනවා නම්, දොස්තරලව මරන්න යනවා නම් ඒ වගේ සත්තුන්ට මගුලටද මැරීගෙන තවත් කරන්න යන්නේ...? ඉවත් වෙලා යනවා මිසක්. හඩු දේශපාලකයින්ගෙන්ම බෙහෙත් ඉල්ලා ගනිල්ලා කියලා. ඇවිත් කරයි එතකොට...
Reply : 5 428
කල්පනා Saturday, 30 March 2019 12:26 AM
බද්රානි හරියට කථාකරන්නේ කිසිදා ලෙඩ නොවුන කෙනෙක් ගානට. ලෙඩවුන කෙනෙක්නම් දන්නවා නිශ්ශබ්ද තාවයේ වටිනාකම. අසනීපයකදී සිංගප්පූරුවට යන අයට මේරටේ රෝහල්වලට කුමක් වුනාම මොකද? ඔබත් රෝගියෙක් වුනොත් මේ රටේදී ප්‍රතිකාර ගත්තොත් කල්පනාවෙන් ඉන්න සද්දබද්ද තියෙනකොට කොපමණ අසහනයක් ඇතිවෙනවද කියලා...රෝගියෙකුට විවේකයත්, නිශ්ශබ්දතාවත් ඉතා වටිනවා කියලා එවිට තේරේවි..
Reply : 1 97
බද්රානි Saturday, 30 March 2019 12:25 PM
ඔව් කල්පනී, මම කොහොමත් ඔබ වැනි රෝගියෙක් නොවෙමි. මෙවැනි නරුම දොස්තරලාගෙන් බෙහෙත් රැගෙන සුවවී ජීවත් වීමට වඩා මරණය මම අගයමි. ගලහ රෝහල තුළ සිදුවූ ළදරු මරණයත් කිසිම දේශපාලනයකට අදාළ කරුණක් නොවේ. එය පැහැදිලිවම සාහසික මිනීමැරුමක්. රෝගී දරුවෙකුට නිසි ප්‍රතිකාර නොකර සිටීමේ හේතුවෙන් ඒ දරුවා මියගියා. මාෆියා කල්ලියේ බල පුළුවන්කාරකම පෙන්වා මෝඩ ජනතාව රවටා ඔවුන් ගැලවුනාට, මේ නරුමයින්ට ස්වභාවධර්මයේ විනිශ්චයෙන් නම් කිසිදා ගැලවීමට නොහැකි වනු ඇත. සමහරවිට මේ නරුම දොස්තර මාෆියා නඩය සිතාගෙන සිටින්නේ, රජයේ රෝහල් මොවුන්ගේ දෙමව්පියන්ගේ බුදලයක් ලෙසයි. පෞද්ගලික රෝහල් මාෆියාව හරහා අසරණ ජනතාවගේ මුදල් ගසාකන මේ කළුකඩ දොස්තර මුදලාලිලා ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳ කතා කිරීමත් මා හට නම් හාස්‍ය දනවන්නකි.
903 568
Soratha Saturday, 30 March 2019 12:34 AM
ඉතින් රෝහල වහලම පාර හදන්නේ, මේ පළාතේ අයට පශු දොස්තරලාගෙන් බෙහෙත් ගත හැකි නිසාද?
Reply : 1 81
Sriyal Saturday, 30 March 2019 12:54 AM
ඇයි වෙනත් තැනක් තිබ්බෙම නැද්ද පාර හදන්න රෝහල මැදින් නැතුව...? අනවසර පදිංචිකරුවන් වෙන්න ඇති. රෝහලේ ඉඩමත් බලෙන් අල්ලාගෙන ඇති. ඒකයි ඔච්චර දඟලන්නේ....
Reply : 1 46
නාලක් Sunday, 31 March 2019 06:25 PM
බද්‍රානී... ඔයා බොරු ප්‍රචාරය නොකර ඉන්න..ඇයි ගලහ සිද්ධය සම්බන්ධ ව බොරු පතුරවන්නෙ. අහගන්න... ලමයෙක් ඔය සිද්ධියේ වගේ ආපුවහම කරන්නේ කන්ඩිශන් එක සෙට්ල් වෙනකම් ලමයව නිරීක්ෂනය කරන එක. උණ පාලනය කරනවා ඇරෙන්න වෙන මොකුත් බෙහෙත් දෙන්නේ නෑ තමයි මොකද එහෙම හදිසියේ දෙන්න අවශ්‍ය නැති නිසා. වෛද්‍ය ශිල්පය කියන්නෙ හැම ලෙඩටම බෙහෙත් ඔනෙ කියන එක නෙවෙයි. සමහර ලෙඩ වලට ඕනේ හෙදකම විතරයි. ඒ සිද්ධියත් ඒ වගේ එකක්. ඒ වගේම ලොකු රෝහලකට ලෙඩෙකු යවද්දි සම්පත් සීමිත අපේ වාගෙ රටවල් වලදී ප්‍රමුඛතාව මත තීරන ගත යුතුයි. ඔය සිද්ධියේදිත් දෙවනුව ආ ලෙඩා වඩා ඉක්මනින් ලොකු රෝහලකට යැවිය යුතුයි. (ලෙඩ්ඩු ට්‍රන්සර් කරද්දි බලන්නෙ ලෙඩාගේ වයස නෙවෙයි ලෙඩේ බරපතලකමයි) ඉතින් අමාරු ලෙඩා ඉස්සර වෙලා යවලා පැමිණි අමාරු තත්ත්වය සමනය කරපු ලදරුවා පසුව යවන්න තියා ගැනීම හරිම සාධාරනයි. ඒත් ගම්මු මෝඩ වෙලා රෝහල් කාර්යය මන්ඩලයෙ වැඩ එයාල කරන්න ගිහින් තමයි ලමයා මැරුනේ. කාර්යය මන්ඩයලය කියපු දේ අහල පසුව ගෙන්වන ඇම්බියුලන්ස් එකේ ලමයව කාර්‍යය මන්ඩලය එක්ක යවන්න ඉඩ දුන්නානම් ලමයා මැරෙන්නෙ නෑ. මොකද ෆිට් එක හැදෙද්දි කරන්න ඔනෙ දේ රෝහල් කාර්යය මන්ඩලය දන්න නිසා....
Reply : 0 0
බද්රානි Monday, 01 April 2019 07:28 AM
දොස්තරලා රෝගීන් දෙස හැරිලාවත් නොබලන එකට දොස්තරලා කියන්නේ " හෙදකම" කියලා මමත් මේ අදයි ඉගෙන ගත්තේ නාලක් මහත්තයෝ? අනේ, අපි නොදන්නා තව කොච්චර දේවල් ඇද්ද ඔය ඉස්පිරිතාලවල? අපි දන්නා විදිහට නම්, ගම්වල මිනිස්සු මෙච්චරකල් හිතාගෙන හිටියේ දොස්තර මහත්තයා ළමයාගේ ඇඟට අත තිබ්බත්, ලෙඩේ සුව වෙනවා කියලනේ. පව් ඒ මෝඩ මිනිස්සු?
0 0
රවිඳු Friday, 29 March 2019 05:03 PM
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාෆියාකාරයින්ට මෙසේ රජයේ රෝහලක් වසා දමන්න අයිතියක් තිබෙනවද? මේ මාෆියාකාරයින්ගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මුදාගත යුතුයි. මහඇමතිතුමා සමඟ පළාතේ ජනතාව සිටින බව පැහැදිලියි...
Reply : 1057 610
රොෂාන් Friday, 29 March 2019 08:18 PM
ලංකාවේ ඔය කියන දොස්තර සංගමයේ තරම් නරුමයෝ ලෝකයේ කොහෙවත් නැතිව ඇති. දොස්තරගේ ඔලුවේ රෝගය තියාගෙන කොහොමද රෝගීන්ගේ ශරීරයේ පවතින ලෙඩ සුව කරන්නේ...? ජනතාවගේ මුදලින් පිනට ඉගෙනගෙන රජයේ රැකියාව බාගෙට කරමින් රජයෙන් වැටුප් ලබමින්, වාහන පර්මිට් ඇතුළු සියලුම වරප්‍රසාද බුක්ති විඳිමින් පෞද්ගලික රෝහල්වල කළුකඩ මුදලාලිලාගේ භූමිකාවත් කරන්න මොවුන් සිතාගෙන සිටින්නේ, ජනතාවට පිනට ප්‍රතිකාර කරන බවද?
Reply : 205 83
පුෂ්පකුමාර Friday, 29 March 2019 08:55 PM
උගත්කම, උද්දච්ඡකමට පෙරලා ගෙන සිටින දොස්තාරලාට, සිංහල බෙහෙත් පෙවිය යුතු කාලය එළඹ ඇත. බඩ ලෙඩ්ඩුන් හැර අනෙක් සියලු දෙනා, කරුණාකර ඌව පළාතේ මහා ඇමතිතුමා වටා පෙළ ගැසෙන්න. මේ මාෆියා කල්ලිය අනාගතයේදී, රෝගීන්ට වස පොවන දිනය වැඩි ඈතක නැහැ. අර පාල කියලා අදහස් දාලා තියන හාදයා ගොම තැවරුණු නැට්ටෙන්ම බද්‍රානිට තදින් පහර දීලා නේද?
Reply : 345 113
ලක්සිරි Friday, 29 March 2019 09:17 PM
පේනවද මේ වගේ තිරිසන් දොස්තරලා? රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්වත් එළවලා ඇඳන් ටික හිස් කරලා එය මොවුන්ගේ ලොකුකමත් ලෝකෙටම පෙන්වනවා? මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මොවුන්ව සිරගත කල යුතුයි. එ්කටත් ඉතින් කොන්දක් තියන පාලකයෙක් රටේ ඉන්න එපැයි? පඹයා ඉස්සරහා ඉංග්‍රීසියෙන් කතා කරද්දී, පඹය ගොළු වෙනවා? ඉතින් කොහොමද ප්‍රශ්න විසඳන්නේ?
Reply : 302 480
Sumith Friday, 29 March 2019 11:39 PM
රටෙන් දේශපාලකයින් ආනයනය කරන්න..
Reply : 0 2
Sunil Saturday, 30 March 2019 12:46 AM
ඇඟක් විතරක් ඇති, මොලයක් නැති, මේ ගොන් තඩියව ඌවෙන් එලවලා දාමු...
Reply : 0 109
රවින් Saturday, 30 March 2019 01:40 AM
මේ බල්ලා ගියගිය තැන පාහරනවා. අයිතිකාරයෝ බල්ලව කොටුකරොත් නරකද?
Reply : 0 89
Chanak los angeles Saturday, 30 March 2019 01:43 AM
පාර්ශවයන් දෙකක් අතර අරගලයකට අසරණ රෝගීන් ඇපයට තබා ගන්නේ කොහොමද? එවැනි ආරවුල් නිරවුල් කරගන්න තමයි රටේ නීති පද්ධතියක් ස්ථාපිත කර තිබෙන්නේ.. වෛද්‍යවරුන්ට තිබෙන්නේ තමන්ගේ රාජකාරිය ඉෂ්ට කිරීම මිස ඉඩම් සමග පැටලීම නොවෙයි. ඒවා අදාළ පාර්ශවයන් විසඳිය යුතුයි. කොහොමත් ලංකාවේ සමහර වෛද්‍යවරුන් හිතාගෙන ඉන්නේ ඔවුන්ට ඉහළින් කිසිම කෙනෙක් නැති ගානටයි. අපි කියනවා ඔවුන්ට කරණීයමෙත්ත සුත්‍රය කියවලා ඔය අලි ඔලුව නැතිකර නිහතමානී වෙන්න බලන්න කියා...
Reply : 88 761
විහග දෙමෝදර Saturday, 30 March 2019 04:48 AM
මමත් දොස්තර මාෆියාවට විරුද්ධ කෙනෙක්... නමුත් මෙතනදි නම් දොස්තර මහත්තුරු 100%ක් හරි. මේ බඩතඩි මහඇමතියා හින්දා අපිට කෙලවිලා ඉන්නේ. එලවන්න පුලුවන් දෙයක් කරන්න. අපේ සහයෝගය... ලබන පාර ඡන්දෙ ඉල්ලන්න එන්නකෝ බලන්න.
Reply : 23 177
විකුම් රංගන Saturday, 30 March 2019 06:02 AM
මෙහෙම වුණාම ජනතාවට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ වගේ පාහරයින්ට පිනට උගන්වපු අසරණ ජනතාව මරා දාපල්ලා... ඒක පහසුයි... පුලුවන් නම් ලංකාවේම තියන රෝහල් වහපල්ලා. වෛද්‍ය විද්‍යාවේ අචාරධර්මවත් නොදන්නා අය..!!!
Reply : 131 53
Sriyal Saturday, 30 March 2019 02:17 PM
දොස්තරලා විතරක් නෙවෙයි ඔය මහ ඇමතිත් නිදහස් අධ්‍යාපනය ලබා ගත්තා. ඒත් දොස්තරලා විතරයි ඒකෙන් රටට වැඩක් කරන්නේ. අනිත් කෙනාට වියදම් කරපු සල්ලි පලක් නොමැත.
Reply : 0 3
ප්‍රීති Saturday, 30 March 2019 08:37 AM
කවුද කියන්නේ මේ වර්ජනය කරන්නේ වෛද්‍යවරු කියලා? රෝගීන්ගේ ජීවිත උගසට තබලා දේශපාලනයක් කරන මාෆියා සංගම් කාරයන් රැලක් තමයි මේ... ජාතියේ පවට කොහෙවත් ඉන්නා අාචාරියන් රැලක් ජනතාවගේ බදු මුලින්ම පිනට ඉගෙනගෙන දොස්තරලා වෙලා අසරණ රෝගීන්ව පීඩාවට පත්කරනවා. දොස්තරකෙනෙක් වුණාට ජන්මයෙන් ගෙනා තිරිසන් ගතිය අරින්න බැහැ. මෙහෙම එවුන්ට ආවඩන තිරිසන්නු සිටින එක ගැන අපි කම්පා විය යුතුයි.
Reply : 281 272
කරුණාපාල Saturday, 30 March 2019 09:23 AM
ප්‍රධාන මහාමාර්ග අසල ඇති රජයේ හා පෞද්ගලික රෝහල් නොදැකපු අන්ධයෝ පිරිසක්ද මෙතන අදහස් පලකොට තිබෙන්නේ..? රෝහල් මෙන්ම මාර්ගත් ජනතාවට අවශ්‍යයි. රෝහල් වාට්ටුව මැදින් පාරක් කපන්න යනවා වගේ තමයි මොවුන් මෙතන කතා කරන්නේ...? ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකිරීමට රජයේ වගකිවයුතු නිලධාරීන් බැඳී සිටිනවා... ලංකාවේ මේ මාෆියා සංගම් කල්ලිය සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයටම නිගා කරමින් කරන මේ නින්දිත ක්‍රියාව මේ රටේ සමස්ත ජනතාවම හෙළාදැකිය යුතුයි. මේ මාෆියා නඩය මනුෂ්‍යයින් නොවන සර්පයින්ගෙන් සැදුම් ලත් දකුණු ආසියාවේ තිබෙන දරුණුම මාෆියා සංවිධානයයි.
Reply : 30 117
Nimmi Saturday, 30 March 2019 10:22 AM
මෙහි අදහස් පලකොට ඇති බොහෝ අය මේ දොස්තර සංගමය මාෆියා කල්ලියක් ලෙස සැලකුවත්, මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මොවුන් ත්‍රස්ත කල්ලියක් ලෙසයි මා නම් දකින්නේ... සමහරවිට මේ ත්‍රස්ත කල්ලිය මේ රටේ සිටින අවංකව ජනතාවට සේවය කරන වෛද්‍යවරුන්වත් ප්‍රාණ ඇපයට තබාගෙන ඔවුන්ගේ දේශපාලන කටයුතු කරනවා වෙන්නට ඇති. මේ ත්‍රස්ත කල්ලිය මෙහෙයවන නායකයින් කීපදෙනාට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක වුණා නම්, මේ රටේ අසරණ රෝගීන්ව පමණක් නොවේ, මේ රටේ අවංකව සේවය කරන සැබෑ වෛද්‍යවරුන්වත් ගලවා ගත හැකිව තිබුණා.
Reply : 5 231
Chanak Los angeles Monday, 01 April 2019 07:39 AM
කව්ද ඉතින් ..මේවා පිටුපස ඉන්නේ සාටක සමාගමයි ඔවුන්ගේ අනුගමිකයනුයි මිසක් ..
Reply : 0 0
Sumith Saturday, 30 March 2019 10:41 AM
ඌවේ සන්වර්ධනය ...?
Reply : 0 0
විකුම් රංගන Saturday, 30 March 2019 02:49 PM
දේශපාලකයින්ට වඩා, ලංකාවේ දොස්තරලා ජනතාවට අරහන් බව පැහැදිලියි. ඒකයි තිත්ත ඇත්ත... වෛද්‍ය විද්‍යාව හැර ලෝකේ තිබෙන සියලු විජ්ජාවන් දන්නා මේ පණ්ඩිත දොස්තරලාට (GMOA ) ජනතාව එලව එලවා ගහන දවස වැඩි ඈතක නැහැ. අනෙකුත් රජයේ සේවකයින් මෙන් රෝහලට පැමිණෙන හා පිටව යන වේලාවන් යෙදීම මොවුන්ට අනිවාර්ය කළ යුතුයි. ඖෂධ මාෆියාව, වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට පටවන ව්‍යාපාරය මොවුන්ගේ මාෆියා සංවිධානයට මුදල් ගලා ඒමේ එක ක්‍රමයක්... පහුගිය වකවානුවේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වා ගෙන සිදුකළ වකුගඩු ජාවාරමට මේ සංවිධානයේ නායකයින් ඍජුවම සම්බන්ධ වී සිටියා. ඉන්දියාවේ මැදහත්වීම මත දැනට එම ව්‍යාපාරය තරමක් නතරවී තිබෙනවා. තව ඕනෑද?
Reply : 0 319
smn Saturday, 30 March 2019 03:40 PM
මට නම් මේ දෙපාර්ශ්වයම එපා ….මරාගත්තාවේ !
Reply : 41 1
බද්රානි Saturday, 30 March 2019 05:07 PM
මෑත අතීතයේ පූජක තුමෙකුටත් වඩා ජනතාව ගරුකල වෛද්‍යවරයා, අද මාෆියාකාරයෙක් ලෙස හංවඩු ගැසීමට සිදුවීමම ජාතියක් ලෙස අප කම්පා විය යුතුයි. එදා දොස්තර මහතාගේ මුහුණ දුටුවත්, ඉබේම රෝගීන් සුවවීමට තරම් වූ ඒ සුන්දර මුහුණ වෙනුවට, ගමේ, හන්දියේ නගරන් කාරයාගේ මුහුණ වර්තමාන දොස්තර සංගම් කාරයින්ගෙ මුහුණෙන් දිස් වෙන විට, නිරෝගී අයත්, රෝගී වෙන බව අහන්නත් දෙයක්ද? මෙහි අදහස් පලකොට ඇති අය අතරින් නිම්මි ගේ අදහස වඩා නිවැරදි යයි මා හට හැඟේ. එදා ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ආරක්ෂාවට ද්‍රවිඩ ජනතාව පලිහක් කර ගත්තාසේ, වර්තමානයේ මේ දොස්තර ත්‍රස්තයින් ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවයන් හමුවේ රෝගීන්ව මිනිස් පලිහක් කරගෙන ඇති බව රහසක් නොවේ. ඉංගීසි වචන හමුවේ නිරුත්තරව ගල්ගැසී, තමා උගතෙක් යයි ඔලු ගෙඩිය සොලවා, රටට ප්‍රදර්ශනාත්මක උගත්කම ලොවට පෙන්වීමට දඟලන නුගතෙකු මුල් පුටුව හොබවන අප රටේ මෙවැනි මාෆියා නගරන්ලා ජනතාවට අභියෝගයක් වීම අමුතු දෙයක් නොවේ. ලෝකයේ කොන්දොස්තරලාගේ චරිත, ලංකාවේ දොස්තරලා වීමම ජාතියේ කරුමයක් බවට පත්වී ඇත.
Reply : 0 49
උපුල් Saturday, 30 March 2019 05:25 PM
මා මෙම සිද්ධිය පිළිබඳ හොඳින් දන්නා අයෙක්. මෙම මාර්ගය ඉදිකිරීම මහ ඇමතිතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් නොවේ. ජනතාවගේ ඉල්ලීම මත සිදු කිරීමට නියමිත කාර්යයක්. මෙහිදී, මේ වෛද්‍යවරු නොමනා දේශපාලනයක යෙදෙන බව ප්‍රදේශවාසීන් දන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රදේශයේ ජනතාව මේ වෛද්‍යවරුන්ට විරුද්ධව මේ සටන් කරන්නේ. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූ ඔබසැමට ස්තුතියි.
Reply : 0 67
Supun Sunday, 31 March 2019 06:56 AM
මමත් මේ ගැටළුව පිළිබඳව දන්නවා. මෙම රෝහල හරහා ඇති මාර්ගය වසර 30කටත් වඩා ජනතාව භාවිතා කළ එකක්... රෝහල දියුණු කිරීම්දී මාර්ගයෙන් කෙටසක් රෝහල් භූමියට අයත් වන සේ ගේට්ටුවක් ඉදිකළා. නමුත් ජනතාව මේ මාර්ගය මේ වන තෙක්ම භාවිතා කළා. එයින් මෙම කුඩා රෝහලට බාධාවක් නෑ. වෛද්‍යවරුන්ගේ වුවමනාවටයි. මේ මාර්ගය වසා දැමීමට යන්නේ... එයින් සිදුවන්නේ ජනතාවයි, රෝහලයි ඈත් වීම... වෛද්‍ය වර්ජනයෙන් මේ තත්වය තව වැඩිවෙනවා. මහ ඇමතිගේ ක්‍රියා කලාපයත් අනුමත කරන්න බෑ. සාකච්ඡාවෙන් සියල්ල විසඳාගත යුතුයි. බහුතරයගේ කැමැත්ත අවසාන විසඳුම වියයුතුයි.
Reply : 0 71
rocky Sunday, 31 March 2019 02:03 PM
ඔන්න මහා ඉස්පිරිතාලේ නර්ස් ස්ට්‍රයික් එක හින්දා බෙහෙත් නොලැබීමෙන් එක රෝගී කාන්තාවක් මිය ගිහින්... නර්ස් සංගමයේ අයිතිකාරයා කියනවා ඒ ලෙඩ කොහොමත් සනීප කරන්න බැරි කෙනෙක්ලු. බෙහෙත් දීමේ අඩුපාඩුවක් වුනෙත් නැතිලු. අම්මපා මේ හාමුදුරුවෝ දැන් විසේෂඥ දොස්තර කෙනෙක් වගේනේ කතා කරන්නේ... මේ වගේ අය ශාසනයට අවමානයක්..!!
Reply : 0 0
බද්රානි Sunday, 31 March 2019 03:10 PM
මගේ වරදවා වටහා ගැනීම කෙසේ වුවත්, මෙහි ඉහලින්ම අදහස් පලකොට ඇති අපේ හිතවත් සමහරක් සහෘදයින්ගේ අදහස් සමග මගේ අදහස් සැසදීමේදී, ඔවුන් ක්ෂීරපායි සත්වයෙකු වශයෙන් තමන්ගේ වෛද්‍යවරයා වෙනුවෙන් ඉතාමත්ම සාධාරණ හා හදවතට එකඟව ආදරයෙන් අදහස් පලකොට ඇතිබව පැහැදිලියි. ඒ අතින් අපේ රටේ පශු වෛද්‍යවරුන් මේ රටට කල ඇති සේවය, අපි ජාතියක් වශයෙන් අගය කල යුතුයි.
Reply : 1 128
Sapumal. Sunday, 31 March 2019 03:35 PM
විශාල තඩි පංචස්කන්ධයකුත්, තඩි බඩ ගෙඩියකුත්, පුංචිම පුංචි මොලයකුත් තිබෙන මේ ඇමතියා ගැන නම්, කිසිම විශ්වාසයක් නැහැ. ඒත් මේ දොස්තරවරුන් කරන වැඩෙත් සාධාරණ නැහැ. ඒකෙන් නැතිවෙන්නේ අහිංසක ලෙඩුන්ගේ ජීවිත...
Reply : 0 107
wedage Monday, 01 April 2019 06:20 AM
චාමරගේ කටට කටකලියාවක් දැමීමට මම යෝජනා කරමි..................
Reply : 0 0