(එෆ්.අස්ලම්)
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතාවන් පිළිබඳව ලංකාදීපය සිදුකළ අනාවරණයෙන් පසු ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (31) සවස එම අධිකාරිය හදිසි නිරීක්ෂණයකට ලක් කළේය.
සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකින් පසු අනාවරණය වී ඇති බව ලංකාදීප වෙබ් අඩෙවිය මගින් අද (31) අනාවරණය කළේය.
එම අනාවරණයෙන් පසු ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, විගණන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ද කැටුව ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සාමන්‍යධිකාරීවරයා , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් කැඳවා අධිකාරියේ ලිපිලේඛන පරීක්ෂාවට ලක් කරමින් මෙහි විමර්ශනවලට අවශ්‍ය වාර්තා කඩිනමින් තමා වෙත ලබාදෙන්නැයි ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම පාඩු ලබන්නේ ටිකට් නොදී මුදල් අයකිරීම නිසා...
කොළඹ ඉදන් තංගල්ලට යන බස් එකක් තියෙනවා. ඒකේ මාතරින් පස්සෙ ටිකට් දෙන්නෙ නෑ. මාතරින් යන්නෙ ප.ව 6.00 පස්සේ. බස් එක තංගල්ල ඩිපොවේ.
වැඩක් කරන මනුස්සයෙක්. මධ්‍යම පළාත භාරව ඉන්නකොටත් හොදට කළා. මේ වගේ අය ඉන්න ඕනේ. ගොඩක් හොදයි.
පරක්කු වැඩියි. ජනපතිවරණයට ලඟයි.