(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාඹුලගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවා නමැත්තාගේ කප්පම් මුදල් එකතු කිරීමේ යෙදුණු පාතාල සාමාජිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසට කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකතන සිම්පත් 5ක්, විද්‍යුත් ක්‍රමයට මුදල් ලබාගන්නා බැංකු කාඩ්පත් 5ක්, කඩු 2ක් සහ මන්නා පිහියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
ඌරු ජුවා නමැත්තා බන්ධනාගාරයේ සිට ලබාදෙන තර්ජනාත්මක දුරකථන ඇමතුම් අනුව ලැබෙන කප්පම් මුදල් මෙම පාතාල සාමාජිකයන් විවිධ පුද්ගලයන්ට ලබා දී තිබූ බවද පොලිසිය කියයි.
බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු අනුව මෙම සැකකරුවන් දැඩිගමුව, රනාල, කඩුවෙල, කොරතොට අතුරුගිරිය පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
ඉන්න තරමක් පාතාලයයි, කප්පම්කාරයොයි ඉන්නේ කඩුවෙල අවටනේ. මං හිතන්නේ ඒ පැත්තේ පොලිසියකුත් තියෙනවා කියලයි.