මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ මේ වන විට ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් ජුජිත මහතා සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය අනුව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ පළමු , දෙවැනි, තෙවැනි ස්ථාන මෙසේ දක්වා තිබිණි.
ජීව විද්‍යා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුද්‍රා රාජපක්ෂ සිසුවිය හිමි කරගෙන ඇති අතර , දෙවැනි ස්ථානය කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ සිසුවා හිමිකරගෙන තිබේ. තෙවැනි ස්ථානය මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් සිසුවා හිමිකරගෙන ඇත.
භෞතික විද්‍යා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය හිමි කරගෙන ඇති අතර , දෙවැනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ සිසුවා ද තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සිසුවා හිමිකරගෙන තිබේ.
වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න සිසුවා හිමිකරගෙන ඇති අතර දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර සිදුවිය හිමිකරගත්තාය. තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න සිසුවියටයි.
කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස් සිසුවිය හිමිකරගත් අතර , දෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ සිසුවියද, තෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි පිටිගල සිසුවිය හිමිකරගත්තාය.
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න සිසුවා හිමිකරගෙන ඇති අතර ,දෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන් සිසුවාත් , තෙවැනි ස්ථානය නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන් සිසුවා හිමිකරගෙන තිබේ.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කඹුරුපිටිය නාරන්දෙණිය විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවිය හිමිකරගත් අතර, දෙවැනි ස්ථානය කල්මුණේ සමන්තුරෙයි විද්‍යාලයේ රිෂා මොහොමඩ් හිමිකරගත්තේය. තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල් සිසුවා විසිනි.
(36698)
(විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ලේඛනය පහත දැක්වේ )


COMMENTS
මේ දක්ෂයින්ට අපේ සුබපැතුම්...!!! කොලඹ පාසල් වලට සීමා නොවී විවිධ පළාත්වලින් දක්ෂයින් බිහිවීමත් සුවිශේෂයි.
උණුසුම් සුබපැතුම්. මෙම ප්‍රතිඵල ගන්න වෙහෙස මහන්සි වී උදව් කරපු ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් එසේම වේවා!!!
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම...
ඔවුන්ට සුබ පතමු! මේ 1,2,3.. ක්‍රමය ඉවත් කර ඒ ඒ දිස්ත්‍රික්ක වල ඒ ඒ විෂය ධාරා වලට තේරුණු දරුවන් කවුරුන්ද යන වග පමණක් හෙළි කිරීම ප්‍රමාණවත් බව සිතමි. 1,2,3 වැදගත් වන්නේ වෙළඳ උපක්‍රම සඳහා පමණක් වන අතර අවශ්‍ය දරුවන්ට තමාගේ වැඩිමනත් තොරතුරු අවශ්‍යතාවය අනුව පමණක් ලබාදිය හැකි ක්‍රමයක් ගැන සිතීම වැදගත් වේ.
බොහොම සන්තෝසයි. අපගේ සුබපැතුම්... සියලු දරුවන්ට, දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට...
රත්තරන් පුතේ දුවේ... ඔබලාගේ දෙමව්පියන් අනේක විද දුක් ගැහැට විඳ අඩුතරමින් එක වේලක් හෝ නොකා නොබී ඔබලාගේ අධ්‍යපානය වෙනුවෙන් කල කැපකිරීම් වල ප්‍රතිඵල ඔබලා නෙලාගෙන තිබෙන බැවින් අපගේ උණුසුම් සුබපැතුම්!!! විශ්වවිද්‍යාල වලට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හොඳින් කරගැනීමට තමාගේ කොඳු හොඳින් තියාගන්න. "අන්තරේ ඉන්න කාලකන්නි මූසල අන්දරේලාගේ " ජිවිත විනාශ කරන ගැටවලට නොරැවටෙන්න. කෙලින් වැඩ කරන්න. අසාධාරණයට විරුද්ධ වන්න. තමන් හදාවඩාගත් දෙමව්පියන්ගේ සිත් සතුටුවෙන ආකාරයට හොඳින් ඉගෙනගෙන මාතෘ භූමියට අවංකව සේවය කරන්න අදිෂ්ඨාන කරගන්න පුතේ දුවේ... එමෙන්ම විභාග අසමත් වූ දුවලා පුතාලාටත් කියන්නේ වෙනත් අධ්‍යාපන ක්‍රම හදාරා උපාධි මට්ටමට වෘත්තීය සුදුසුකම් සපුරාගෙන රටට සේවයක් කිරීමට අදිටන් කරගන්න දුවේ පුතේ... ඔබ සියල්ලන්ටම ජය...
ලංකාවේ හොඳම ළමයි ටික අරගෙනත් කොළඹ ඉස්කොලවල ප්‍රතිඵල මදි. දෙමව්පියන් ලොකු ඉස්කොල පස්සෙ යන්නේ නැතුව ළමයි ළඟ තියන හොඳ ඉස්කෝලවලට යැව්වානන් ළමයි නොමග යන්න තියන ඉඩ අඩුයි. ඒ වගේම බිග් මැච් හින්දා ළමයි බොන්න හුරු වෙනවා. ඇත්‍තටම ගමේ දක්ෂ ළමයි නොයන්න ජනප්‍රිය පාසල් කියලා දෙයක් නෑ. ඒ ලෙවෙල් විතරක් නෙමෙයි ක්‍රීඩා පැත්තෙනුත් දස්කම් පෙන්නන්නේ ගමේ අය..
මුදියන්සේලාගේ, ආරච්චිගේ වගේ උසස් පෙළපත්වලින් පැවැත එන අය බහුතරයකට උපතින්ම හොඳ බුද්ධි මට්ටමක් පිහිටලා තියෙනවා.
මෙතන දේශපාලන විද්‍යාව ඉහළින්ම සමත් වුන අයගේ නම් නැහැනේ. ඒ වුණාට අද රටේ ඉහළම අාදායමක් සහ ජීවන තත්වයක් තියෙන්නේ දේශපාලකයින්ටනේ...
සාන්ත කියල පටන් ගන්න එක පාසලක් වත් හොදම ප්‍රතිඵල අතර නැහැ......
ඉස්කෝලේ නෝටිස් බෝර්ඩ් එක දිහා බලල ප්‍රතිඵල දැනගත් (සුන්දර?) යුගයක් අපට තිබෙන මම කියන්නේ නැහැ අපි ආපහු "ගල් " යුගයට යායුතුයි කියලා නමුත් මේ කරන ප්‍රචාර දරුවන් විකිණීමක් දැන් අදම පටන් ගනීවි.. වෙන්දේසිය "දිවයිනේ ප්‍රථමයා මගෙන් " කියලා දරුවන්ගේ ප්‍රතිඵල ගන්න ගුරුවරුත් මහඟු පිටුවහලක් තමයි. නමුත් පාස් වුණු ළමයාගේ ක්‍රෙඩිට් එක ගුරුවරයා දමා ගැනීමෙන් ළමයට වෙන්නේ අගතියක්. ඒ ළමයා සාමාන්‍ය ළමයෙක් නෙමෙයි.. අති දක්ෂ නිසා තමයි ඒ ප්‍රතිඵලය. නැත්නම් අනිත් ඔක්කොමත් පාස්වෙන්න එපායැ !