IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


“උසස්වීම් නැත්නම් ‘මාසික ආදායම් වාර්තා’ දෙන්නෙ නෑ’’

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරුවන්ගේ උසස්වීම් දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය දක්වමින් මෙම මස සිට ‘මාසික ආදායම් වාර්තා’ යොමු නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 500 ත් 700 ත් අතර සංඛ්‍යාවකගේ උසස්වීම් 2011 වසරේ සිට දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමාද කරමින් සිටින බව කී කසුන් චාමර මහතා පුරප්පාඩුව පවතින ප්‍රධාන ස්ථානාධිපතිවරු තනතුරු 60 සඳහා ජනවාරි මස සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුවද මේ දක්වා එම පත්වීම් ලබාදී නොමැති වීම සහ තුන්වැනි ශ්‍රේණියේ ස්ථානාධිපතිවරු 600 කට අධික සංඛ්‍යාවක් සිටිය ද දෙවැනි ශ්‍රේණියේ එකඳු ස්ථානාධිපතිවරු නොමැති බවත් සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමඟ මාසික ආදායම් වාර්තා මහා භාණ්ඩාගාරයට යොමු නොවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික සහ මාසික ආදායම් ගණනය කිරීම මෙන්ම ඉදිරි වර්ෂයේ රජයේ ගිණුම් තුළනය කිරීමට නොහැකි වන බවත් මෙම ගැටලුව නිරාකරණය කරන තුරු අඛණ්ඩව මාසික ආදායම් වාර්තා දෙපාර්තමේන්තුවට යොමු නොකරන බවත් කසුන් චාමර මහතා කීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ජනතාවට කිසිඳු හිරිහැරයක් හෝ ප්‍රමාදයක් නොවන බව සඳහන් කළ ඒ මහතා දුම්රිය ධාවනය ආරම්භ කළ වාහාම කිසිඳු ගැටලුවකින් තොරව සේවය ලැබෙන බවත් පැවසීය.



අදහස් (0)

“උසස්වීම් නැත්නම් ‘මාසික ආදායම් වාර්තා’ දෙන්නෙ නෑ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site