ටෝනි කරුණානායක
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින යුද හමුදා සාමාජිකයන් අට දෙනාගෙන් හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නැති හෙයින් නීතිමය පියවර නොගන්නා බවට නීතිපති දැනුම් දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෝසමක් මගින් නඩුව කැඳවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට සහ බුද්ධි නිලධාරී රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව පමණක් අධිචෝදනා ගෝනු කිරීමට නියමිත බව නීතිපති දැනුම් දුන් බවයි.
ඉතිරි සැකකරුවන් හය දෙනාට එරෙහිව නීතිමය පියවර නොගන්නා හෙයින් ඔවුන් මෙම නඩුවෙන් මුදා හැරීම සඳහා අධිකරණයට කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව එම සැකකරුවන් හය දෙනාට ලබන 23 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද නොතීසි නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාලි තෙන්නකෝන් නඩුවෙන් හමුදාවේ 6ක් මුදාහරින්න යයි
Amara Wednesday, 07 August 2019 11:52 AM
අන්තිමේ තෙන්නකෝන් මහත්තයා ඔහුටම ගහගත්තා වගේ වෙයිද?
sirimal Wednesday, 07 August 2019 06:25 PM
උපාලි තෙන්නකෝන්ට එපා නම් අපට මොකටද කියලා හිතනවා වෙන්න ඇති.